බාප්පා හා පුතා කුසපතින් මන්ත්‍රී ධුරයට

මෙවර පළාත් පාලන මැතිවරණයට පක්ෂ දෙකකින් තරග වැදි සමාන ජන්ද සංඛ්‍යාවක් ලබාගත් එකම පවුලේ බාප්පා හා පුතා වූ දෙදෙනෙකු වෙනුවෙන් කුසපත් ඇදීමට සිදුවූ පුවතක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වාර්තාවේ.

එසේ සිදුවී ඇත්තේ පලාගල ප්‍රාදේශීය සභාවට අයත් දඹුලු හම්මිල්ලෑව කොට්ඨාසයේ එජාප අපෙක්ෂක සුරංග රත්නායක හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපෙක්ෂක අනුර ප්‍රභාත් රත්නායක යන අපේක්ෂකයින්ටයි.

මේ දෙදෙනාම ඡන්ද සංඛ්‍යාව 1681 බැගින් ලබාගෙන තිබිණි. සුරංග මහතා ප්‍රථම වරට ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත්වූ අතර වෘත්තියෙන් ව්‍යාපාරිකයෙකි.අනුර මහතා එම සභාවේම හිටපු සභාපතිවරයෙකි. ඇති වූ සමාන තත්ත්වය මත අදාළ කොට්ඨාසයේ මන්ත්‍රිවරයා තේරීම සඳහා අනුරාධපුර තේරීම් බාර නිලධාරී ආර්.එම්.වන්නිනායක මහතා අදාල පක්ෂවලින් බලය පැවරූ නායකයින් හා සාකච්ඡා කර කුසපත් ඇදීම කළේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.