බාර් නීති ලිහිල් කරන ගැසට්‌ අහෝසි කරනවා – ජනපති මෛත්‍රිපාල සිරිසේන

Maithripala-Sirisena“අද අරක්‌කු තැබෑරුම් අරින වෙලාව වෙනස්‌ කරලා තියෙනවා. මාධ්‍යයෙන් තමයි මම ඒවා දැන ගත්තේ. කාන්තාවන්ටත් බාර් එකෙන් අරක්‌කු ගන්න ඉඩ දීලා තියෙනවා. මුදල් ඇමැතිට මම ඒ ගැන කතා කළා. එතුමා දින තුනක ඉන්දියාවේ සංචාරයකට සහභාගි වෙලා ඉන්නේ. අගමැතිවරයාට කතා කළා. ඇමැතිවරුන්ටත් කතා කළා. මේ ගැසට්‌ වහාම ඉවත් කරගත යුතුයි කියලා මම කිව්වා. හෙට සිට ඒ ගැසට්‌ ඔක්‌කොම අහෝසි වෙනවා. මීට වඩා ලොකු තීන්දු තීරණ ගන්න වුණත් මම පැකිළෙන්නේ නැහැ” යෑයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (14 දා) මතුගම අගලවත්තේ පැවැති ජනරැලියක්‌ අමතමින් පැවැසීය.

තවදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ මහ බැංකු බැඳුම්කර කොමිසම පත් කරන්න කලින් ඔහු 2016 බරපතළ දූෂණ වංචා සෙවීමට කොමිසමක්‌ පත් කල බවත් මේ සභා වාර්තා දෙකේ නම් සඳහන් ප්‍රධාන දේශපාලන පක්‍ෂ 12 හේම නියෝජිතයන් සිටින බවත්ය. කවුරුන් සිටියද ඔවුන්ට එරෙහිව කළයුතු කාර්යය තමන් ඉටු කරන බවද ජනාධිපතිවරයා වැඩි දුරටත් පැවසිය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.