බැදුම්කර වාර්තාවල අනු ලේඛන එලි දක්වන්න බැහැ – මෛත්‍රී

Maithripala Sirisenaමහබැංකු බැඳුම්කර කොමිසම් වාර්තාවේ පිටු අඩු වී ඇති බවට ඇතැමුන් කෑ ගැසුවද එහි පිටු අඩු වීමක් කිසිසේත් සිදුව නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පිටකොටුව එක්සත් ව්‍යාපාරික සංගමය සමඟ පසුගියදා පිටකොටුවේ දී පැවති ජන හමුවක් අමතමිනි.

පරික්ෂණ කටයුතු නිම වනතුරු රහස්‍යභාවය ආරක්ෂා කළ යුතු ඇතැම් අනු ලේඛන පවතින බැවින් නීතිමය කටයුතු ඉදිරියට ක්‍රියාත්මක වන තුරු එම ලිපි ලේඛනවල රහස්‍ය භාවය ආරක්ෂා කිරීමට සිදුව තිබීම නිසා ඒවා හෙළි නොකළ යුතු බව ජනාධිපතිවරයා පැවසීය.

ඒවා එළිදැක්වීම තුළ චෝදනාවලට ලක්වූවන්ට අයුතු වාසි ලබා ගැනීමට හැකියාව පවතින බවද ජනපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.