බැඳුම්කර විවාදයට එජාප සුදානම්

ranil wickramasingheශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීමේ ක්‍රියාවලියට එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් සම්බන්ධ දැයි සොයා බැලීම සඳහා පත්කළ ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව හෙට (29) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට භාර දීමට නියමිතය.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතාගේ සහභාගීත්වයෙන් යුත් කමිටුවක් විසින් අදාළ වාර්තාව සකසනු ලැබ තිබේ.

වාර්තාව සැකසීමේදී හිටපු මුදල් හා විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා කමිටුවට ඉදිරිපත් කරනු ලැබූ ලේඛනයක් ද සැලකිල්ලට ගෙන ඇති අතර අදාළ ලේඛනය ජනාධිපති නීතිඥවරුන් වන රොමේෂ් ද සිල්වා, ගාමිණි මාරපන සහ ෆයිස් මුස්තාෆා යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ සකසනු ලැබ ඇත.

සැඟවුණු නම්
මහබැංකු බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවේ බැඳුම්කර සිද්ධියට සම්බන්ධ බව තහවුරු වූ තැනැත්තන් 30 දෙනෙකුගේ පමණ නම් ගම් ඇතුළත්යැයි ඉහළ පෙළේ දේශපාලන අංශ ආරංචි මාර්ග කියයි.

එම නම් 30 අතර කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් ගණනාවකගේ නම්ද ඇතුළත් යැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි. මහ බැංකුවේ සහ සේවක අර්ථසාධක අරමුදලේ වගකිවයුත්තන් ගණනාවක් සම්බන්ධයෙන්ද එහි සඳහන් වන බව කියැවේ.

මෙහි සවිස්තර තොරතුරු ඇතුළත් බැඳුම්කර වාර්තාවේ පිටපත් 26ක් තවත් සතියකින් මැතිසබයට ඉදිරිපත් කිරීම සඳහා දැනට මුද්‍රණ කටයුතු සිදුකෙරෙමින් ඇතැයි දැනගන්නට තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.