බැඳුම්කර වෝහාරික වාර්තාව හමස් පෙට්ටියට ද?

Nirmal Ranjith Dewasiri

බැදුම්කර වෝහාරික වාර්තාව ප්‍රකාශයට පත් නොකිරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් විවිධ මතවාද පළ වන අතරේ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසන්නේ එකිනෙකා ආරක්ෂා කර ගැනීමේ පදනම මත බලයට පත් නව ආණ්ඩුව ද කටයුතු කරන හෙයින් රනිල් ගැන හෝ බැදුම්කර ගණුදෙනුව පිළිබඳ නිසි නෛතික ක්‍රියාමාර්ගයක් ගැනුනොත් එය පුදුමයට කරුණක් වනු ඇති බවයි.

“පිළිතුර පැහැදිළිය. බැදුම්කර සිදුවීම පසුපස යාම ආරම්භ කලොත් එය දැවැන්ත පඹගාලක් වනු ඇත. ආණ්ඩුව ගැනීමට පෙර මේ ගණුදෙනුවට රනිල් වික්‍රමසිංහගේ සම්බන්ධය බෙහෙවින් පැහැදිළි එකක් බව රාජපක්ෂ කඳවුරේ පොදු මතය වී තිබූ තත්වයක් තුළ රනිල් කොටු කිරීම පහසුවෙන් කළ යුත්තක් බව කෙනෙකුට සිතීමට ඉඩ ඇතත්, රනිල් වැනි ඉලක්ක පසුපස යාම ලංකාවේ දේශපාලන ප්‍රභූ තන්ත්‍රයට දුෂ්කර දෙයකි. රාජිත පවා අයත් වන්නේ ඒ ගණයටයි.”

මේ අතරවාරයේ වර්තමාන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය මූල්‍ය උපදේශක සහ හිටපු මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ද ප්‍රකාශ කරන්නේ වෝහාරික විගණන වාර්තාව වහාම ප්‍රකාශයට පත් කළ යුතු බවයි. කෙසේ මෙම වාර්තාව සම්පාදනය කළ ආකාරය සහ විගණන සඳහා මහබැංකුව සම්බන්ධ වූ ආකාරය පිළිබඳවත් කබ්රාල් මහතා විසින් විවේචන එල්ල කොට ඇත.

බැදුම්කර ගනුදෙනුවේදී එහි අදාල සමාගමේ එක අධ්‍යක්ෂකවරියක් වන්නේ නවාඩ් කබ්රාල්ගේ සහෝදරියකි. ඇයට අයත් විවිධ සමාගම් රාශියක් විසින් නිවාඩ් කබ්රාල් මහා බැංකු අධිපති ධූරය දරන සමයේ රුපියල් කෝටි විසිහත් දහසක බැදුම්කර ගනුදෙනු මහා බැංකුව සිදු කොට තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.