
ඇමරිකානු ඉරාන ප්‍රතිප්‍රහාර වලින් අනතුරුව එක්සත් ජනපද බොරතෙල් බැරලයක මිල 4% කින් ඉහළ ගොස් ඩොලර් 65 ඉක්මවා ගියේය. අඟහරුවාදා නිත්‍ය වෙළඳාමේ දී බැරලයක මිල ඩොලර් 62.70 ක් වූ බොරතෙල් බැරලයක මිල ඩොලර් 65.48 ක් දක්වා ඉහළ ගියේය. මීට පෙර ඉරානයට සම්බාධක පැනවූ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ තෙල් මිල විශාල වශයෙන් ඉහල ගියේය.
මැද පෙරදිග තෙල් සැපයුමට තර්ජනයක් වන එක්සත් ජනපදය සහ ඉරානය අතර ගැටුමක සලකුණු පිළිබඳව ආයෝජකයින් දැඩි අවධානයෙන් සිටී. මේ සතිය මුලදී බොරතෙල් මිල පහත වැටුණු අතර මේ නිසා ආයෝජකයින් බලාපොරොත්තු වූයේ මෙම ගැටුම් නිසා බලශක්තීන් සඳහා බලපෑමක් ඇති නොවනු ඇත. තෙල් මිල ඉහළ යාම ලෝක ආර්ථිකයට පහරක් විය හැකිය.