බොරිස් ජොන්සන් බ්‍රිතාන්‍යයේ අගමැති

boris-johnson

බ්‍රිතාන්‍යයේ කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයට පත් බොරිස් ජොන්සන් බදාදා (ජූලි 24) අගමැති ධුරයේ ද වැඩ භාර ගැනීමට නියමිතය. බොරිස් ජොන්සන් මේ සඳහා පත්වූයේ ඒ සඳහා තරග කළ විදේශ ලේකම් ජෙරමි හන්ට් පරාජය කරමිනි. මේ අතර ධුරයෙන් ඉවත්වන අගමැතිනි තෙරේසා මේ, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් නව පක්ෂ නායකයාට සුභ පැතීය.

“අපි සියලු දෙනා දැන් එකතුව මුළු බ්‍රිතාන්‍යයට යහපත් වන ආකාරයට බ්‍රෙක්සිට් සාර්ථක කර ගැනීමට කටයුතු කළ යුතුයි. එමගින් ජෙරමි කෝබින් ආණ්ඩුවෙන් ඈත් කර තැබීමට හැකි වෙයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.