භාතිය ජයකොඩිට වැදුන කමෙන්ටුව

Bathiya Jayakody

ප්‍රසංග වේදිකාව නව මානයකින් ආලෝක කළ භාතිය ජයකොඩි පසුගියදා සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන්නේය. එදා තමන් ගොත ගසන විට ළමුන් තමුන්ට සිනාසුනු නමුත් තමන්ගේ තාත්තා ජීවිතය ජයගන්න හැටි ඔහුට කියා දුන් හෙයින් ඔහු එයද ජයගත්තේය.

තමන් තාරකාව ලෙසින් දිලුණේ ඊයේ දවසේ බවත් අද සහ හෙට ගැන යළිත් හිතා මහන්සියෙන් වැඩ කලයුතු බව තාත්තා තමන්ට කියා දුන් බව බාහිර පැවසිය.

ඔහුගේ තාත්තා බ්‍රිගේඩියර් වරයෙකි.

එම යූටියුබ් සටහන දුටු ඉන්දික ලියනගේ නම් පාසල් මිතුරෙක් මේ සටහන ඊට එක් කළේය.

“භාතියත් මමත් හත වසරේ සිට ඉගෙනුම ලැබුවේ එකම පාසලේ.. ගමේ සිට මා අලුතින් පාසලට යනවිට සෑහෙන ආර්ථික අපහසුකම් තිබුනා. මට තිබ්බේ එකම කලිසමයි., හැමදාම විවේක කාලයේදී කෑමට අරගෙන ගියේ බතුයි සම්බෝලයි විතරයි.. දිනක් ඔහු මට සුදු පාට කලිසම් දෙකක් රහසින් ගෙනත් දුන්නා මට අද වගේ මතකයි මචං මේක තියා ගනින් කියලා…. අනෙක් යහළුවන්ට නොපෙනෙන්න මගේ පාසල් බෑගයට දැම්මා.. මගේ කෑම පාර්සලය හැකි සෑම විටකම ඔහුගේ කෑම පාර්සලයත් සමග මාරුකරගත්තා.. හොඳ නිහතමානි ගතිගුණ තියෙන පුද්ගලයෙක්… අද සමාජයේ බොහෝ ඉහළින් වැජඹෙන පුද්ගලයකු වූවත් අපේ පාසල් මිතුදම තාමත් එදා වගේමයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.