මංගලගේ දේශපාලන ගමන ගැන ඉඟියක්

mangala samaraweera

ප්‍රතිගාමීන් ගේ විරෝධය හේතුවෙන් ජාතික සංහිඳියාව බලය බෙදීම බලය විමධ්‍යගත කිරීම වැනි ප්‍රගතිශීලී ක්‍රියාපිළිවෙත් ක්‍රියාවට නැංවීමට අතීතයේ දී මෙන් වර්තමානයේ දීත් දේශපාලන නායකයින් පසුබට වී ඇතැයි අමාත්‍ය මංගල සමරවීර පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදයකදී පැවසීය.

එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරයා ඝාතනය වූයේ ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමට උත්සාහ කිරීම හේතුවෙන් බව ඇමැතිවරයා පෙන්වා දුන්නේය සුළු ජාතීන් දෙවන පුරවැසියන් සේ සැලකීම යුද්ධයට සෘජු හේතුවක් වූ බව මංගල සමරවීර ඇමතිවරයා කියා සිටි අතර පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය මුස්ලිම්වරුන්ට එරෙහිව අළුත්ගම හා දිගන දී ඇති වූ ප්‍රහාර වලින් අනතුරුව බව හැරිය නොහැකි බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම සිදුවීම් හේතුවෙන් තරුණයින් කීප දෙනෙක් අන්තවාදී මගට හැරුණු බව තර්ක කළ නොහැකි නමුත් විවිධ කොමිසම් කමිටු වාර්තා ගණනාවක් පළ වී ඇත තවමත් මා ජාතික සංහිඳියාව ඇති කිරීමට තාමත් නොහැකි වී ඇතැයි මංගල සමරවීර ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

මේ කතාව පිළිබඳව අදහස් පලකල දේශපාලන විචාරකයින් පවසන්නේ තීරණාත්මක ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව කරුණු ඉදිරිපත් කරමින් දේශපාලන කතිකාවතේ මධ්‍යම කේන්ද්‍රයට පැමිණීමට මංගල සමරවීර ඇමතිවරයා දැඩි උත්සාහයක් ගන්නා බවයි.

දීර්ඝ කාලයක් තිස්සේ එක දිගට ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් නිර්භයව කරුණු ඉදිරිපත් කළ මංගල සමරවීර හට මේ මොහොතේ දේශපාලන කේන්ද්‍රය තුළ කළ හැකි හොඳම ආයෝජනය වන්නේ ඔහු ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් දැරූ ස්ථාවරය.

ඩී එස් සේනානායක, චන්ද්‍රිකා කුමාරතුංග. මහින්ද රාජපක්ෂ. රනිල් වික්‍රමසිංහ ආදී සියලු නායකයින් මේ ප්‍රශ්නය විසඳීමට දැක්වූ දායකත්වය පිළිබඳ කතා කළ ඇමතිවරයා ආර් ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයා තමන්ගේ මැද කොළඹ ආසනයේ මෙන්ම ශ්‍රී ලංකාව ද බහුවාර්ගික රටක් බව පිළිගත් හැටි කියා සිටියේය. තත්වය එසේ තිබියදී ප්‍රතිගාමී අදහස් දරන කීපදෙනෙකුගේ වුවමනා මත සැබෑ ලෙසින්ම එක්සත් ශ්‍රී ලංකාවක් ගොඩ නගා ගැනීමට ඇතැම් පිරිස් කටයුතු කොට ඇති බව ඇමතිවරයා කියා සිටියේය.

සජිත් ප්‍රේමදාස දිනවීමට පෙරමුණ ගෙන ඇති මංගල සමරවීර ඇමැතිවරයාගේ අනාගත දේශපාලන අභිලාෂයන් පිළිබඳ අදහසක් මේ ප්‍රකාශ තුළින් දැනගන්නට ලැබෙන බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Comment moderation is enabled. Your comment may take some time to appear.