මංගල, කබීර්, සුජීව හා මලික්ට රවි ගෙන් චෝදනා

එක්සත් ජාතික පක්ෂය ඇතමුන් මේ රට සිංහල බෞද්ධ රටක් බව පිලි නොගැනීම හේතුවෙන් පරාජය අත් වූ බව හිටපු ඇමති රවි කරුණානායක පවසයි.

අල්ලස් පනත යටතේ නඩු

සජිත් ප්‍රේමදාස නායකත්වය ලබාදෙන බවට එකම සහායක් නැති බවත් ඔහු කියා සිටියි. මහ බැංකු වාර්ෂික වාර්තාව හේතුවෙන් බැදුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් තමන් නිදහස් වී ඇතැයි රවි කරුණානායක පවසයි.

එහෙත් ගැටළුව වන්නේ ඔහුට කොළඹ ඉතා මිල අධික මන්දිරයක් මිලයට ගැනීමට මුදල් ලැබුණේ කොහෙන්ද යන්නයි.

බැඳුම්කර දූෂණ සම්බන්ධයෙන් චෝදනා ලබන අර්ජුන් ඇලෝසියස් පවුලට අයත් ‘වෝල්ට් ඇන්ඩ් රෝ’ සමාගම විසින් ‘පෙන්ට්හවුස්’ තට්ටු නිවසකට කුලිය ගෙවීම පිළිබඳව වගකීම පැවරෙන හිටපු මුදල් ඇමති රවි කරුණානායකට විරුද්ධව අල්ලස් පනත යටතේ නඩු පැවරිය යුතු අතර, කොමිසන් සභාව ඉදිරියේ අසත්‍ය සාක්ෂි දීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ නඩු පැවරිය යුතු යයි බැඳුම්කර වාර්තාවේ සඳහන් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් මීට පෙර ප්‍රකාශ කොට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.