මංගල ගේ ජනාධිපතිවරණ පංචායුධය

mangala-samaraweeraමීලග ජනාධිපතිවරණයට පෙර එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා රනිල් වික‍්‍රමසිංහ මහතා ලෙසත් අගමැති අපේක්‍ෂකයා සජිත් පේ‍්‍රමදාස මහතා ලෙසත් ප‍්‍රකාශයට පත් කල යුතු යයි ඇමති මංගල සමරවීර මහතා පවසා ඇත.

එක්සත් ජාතික පක්‍ෂ දේශපාලන මණ්ඩලයේදී ඔහු මේ බව සදහන් කර තිබේ.

ගම් මට්ටමේ ජනතාව ජනතාව සජිත් පේ‍්‍රමදාස මහතා වෙත ආකර්ෂණයක් ඇති නිසා වහා මෙම යෝජනාව ක‍්‍රියාත්මක කල යුතු යයිද ඔහු සදහන් කර ඇත.

සජිත් පේ‍්‍රමදාස මහතාට ඇති ආකර්ෂණය පක්‍ෂය ජයග‍්‍රහණය කරවීම සදහා යොදා ගත යුතු බවත් පෙන්වා දී ඇති ඇමති සමරවීර ඉන් පසු දැවැන්ත ප‍්‍රචාරක වැඩසටහනක් ආරම්භ කල යුතු යයිද සදහන් කර ඇත.

කෙසේ වෙතත් මෙම යෝජනාවත් සමග එක්සත් ජාතික පක්‍ෂයේ මීලග අගමැති වීමට අපේක්‍ෂාවෙන් සිටි කිහිප දෙනෙකු කලබලයට පත්ව ඇතැයිද සදහන්ය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.