මත්තලින් සහ රත්මලානින් ජාත්‍යන්තර ගුවන් ගමන් සේවාවක්

maththala

මත්තල හා රත්මලාන යන ගුවන්තොටුපලවල් දෙකෙන්ද ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කරන ලෙස කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ජාත්‍යන්තර ගුවන් සමාගම් වලින් ඉල්ලීමක් කොට තිබේ. මෙම ඉල්ලීම කර ඇත්තේ ජාත්‍යන්තර ගුවන් සේවා සමාගම් වල මෙරට කළමනාකරුවන් හා ඇමති අතර පසුගිය 28 වන පැවති සාකච්ඡාවක දීය. එසේ ආරම්භ කරන්නේ නම් එම සමාගම් වෙනුවෙන් රජය විශේෂ සහන ලබාදීමට තීරණය කොට ඇත.

මෙම සාකච්ඡාවට සහාභාගි වු ඉන්දීය ගුවන් යානා සමාගමක මෙරට කළමණාකාරවරිය සඳහන් කොට ඇත්තේ රත්මලාන චෙන්නායි අතර ද , මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ සමග ද සිය ගුවන් සේවා ආරම්භ කිරීමට කැමති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.