
දේශීය විදේශ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව ගනු ලබන පියවර කඩිනම් කෙරෙන ලකුණු දක්නට ඇත. ත්‍රිවිධ හමුදාව ආරක්ෂක කටයුතු වලට ක්‍රියාකාරීව අනියුක්ත කරගැනීමත් සමගම මත්ද්‍රව්‍ය මැඩලීම් එක් කාර්යය සඳහා උද්යෝගයක් ඇති වී තිබේ.මෑතකදී හෙරොයින් කිලෝග්‍රෑම් දහතුනක් පමණ සැකකරුවන් සමග අත්අඩංගුවට ගැනිණ. ගුවන් හමුදාව පළාත් කිහිපයකම නිරීක්ෂණ මෙහෙයුම ආරම්භ කොට ඇති අතර ගුවන් හමුදාව මගින් උඩුගුවනේ සිටලබාගත්දර්ශන පොලිසියට ලබාදීමෙන් අනතුරුව
ඌව කුඩාඔය පොලිසිය විසින් බලහරුව ප්‍රදේශයේ සිදුකළ හදිසි වැටලීමක දී රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් ගංජා හේන් දෙකක් වටලා ඇත.
දුෂ්කර මෙහෙයුමකින් අනතුරුව මහ වනයක් මැද ඉතා සරුවට වගාකර තිබූ මෙම ගංජා හේන් දෙක පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර එක් ගංජා හේනක් අක්කර දෙකහාමාරක භූමි ප්‍රමාණයක සහ අනෙක් හේන අක්කර භාගයක පමන ප්‍රදේශයක වගා කර තිබූ බව සඳහන්.
එම ගංජා හේන්වල තිබී උස අඩි හයකට ආසන්න ගංජා පැල ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් පොලිස් නිලධාරීන් විසින් විනාශ කර ඇති අතර එවායේ වටිනාකම රුපියල් කෝටියකට අධික බව පොලිසිය පවසයි. මෑත කාලයේ දී සිදු වූ විශාලතම ගංජා හේන් වැටලීම මෙයයි