මධ්‍යම පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිට විරෝධය

protestමහනුවර ආශ්‍රිත ප්‍රදේශවල පසුගිය දිනවල ඇති වූ සිදුවීම් සම්බන්ධයෙන් පොලීසිය නිසි අවස්ථාවේදී ක්‍රියාත්මක නොවූ බැවින් මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වහාම ඉවත් කළයුතු බව ආගමික නායකයන් බහුතරයකගේ මතය වී තිබෙනවා. පසුගියදා ජනාධිපතිවරයා මහ නාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය හමු වූ අවස්ථාවේදී මහ නාහිමිවරුන් ද මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කර තිබේ. මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ මහතාගේ ක්‍රියාකලාපය මහ නාහිමිවරුන්ගේ විවේචනයට ලක්ව ඇති අතර උන්වහන්සේලා පෙන්වා දී ඇත්තේ ඔහු සිද්ධිය ඇති වූ මුල් අවස්ථාවේදීම අවශ්‍ය උපදෙස් ලබාදුන්නේ නම් මෙවැනි අවාසනාවන්ත තත්වයත් ඇති නොවන බවයි.

දිගන ප්‍රදේශයේදී සිංහල සහ මුස්ලිම් දෙපාර්ශ්වය අතර ගැටුම් ඇති වූ මුල් අවස්ථාවේදීම බලගොල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විජේකෝන් සහ තෙල්දෙනිය මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රගති ලක්මාල් මේ සම්බන්ධයෙන් මහනුවර ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද ඒකනායක මහතා හමුවී තත්වය පැහැදිලි කර තිබේ. ඒකනායක මහතා විසින් මෙම නිළධාරීන් දෙදෙනා මධ්‍යම ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යොමුකර ඇති අතර එහිදී ඔවුන් දෙදෙනා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත තත්වය පැහැදිලි කර තිබේ. කෙසේ වෙතත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ මහතා එය සුළු සිද්ධියක් ලෙස සලකා කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.