මධුරි ඩික්සිත් රත්නපුරේ මැණික් අතර

පසු­ගිය 17 වැනි දා උදේ දහ­යට විතර ඉන්දි­යන් ටීම් එකක් ආවා. අපි කාට­වත් විශේ­ෂ­යක් තිබුණෙ නෑ. ඒත් මට ඒ කාන්තාව හොඳට දැකලා හුරුයි. මධුරි ඩික්සිත් ද?. ඒත් එයා එක පාර­ටම මෙහෙම එන්න පුළු­වන් ද?. මම කෙළින්ම ඇයත් එක්ක කතා කරන්න හිතලා ගිහින් ඇයව ඇම­තුවා. ඔව්… ඒ මධුරි තමයි. ඇය ඇවිත් තිබුණෙ ඇයගේ මවු­පි­යන්, දරු දෙදෙනා හා සැමියා එක්ක. ”

“ඇය කලා­ක­රු­වෙ­කුට තියෙන්න අවශ්‍ය උප­රිම සංය­මය, නිහ­ත­මා­නී­කම මෙන්ම දැක්මක් තිබුණු කාන්තා­වක්. ඇය වැඩි වශ­යෙන් කාලය ගත කළේ අවට පරි­ස­රය විඳින්න. ඇය තේ කර්මාන්ත ශාලා­වක් නර­ඹ­න්නත් ගියා. මට අවශ්‍ය වෙලා තිබුණෙ එක දෙයයි. මධුරි කියන්නෙ ඉන්දි­යාවේ පම­ණක් නොවේ, මුළු ලෝකය තුළම විශාල ජන මත­යක් ගොඩ නැඟිය හැකි කලා­කා­රි­නි­යක්. ඇය අපේ රට ගැන දරන ආක­ල්පය සම්බ­න්ධව අද­හ­සක් මට අවශ්‍ය වුණා. එය මා රැකි­යාව කරන සංචා­රක ක්ෂේත්‍ර­යට ඉතාම වැද­ගත් තොර­තු­රක්. මොකද පසු­ගිය පාස්කු ඉරිදා ප්‍රහා­රය සමඟ සංචා­රක ව්‍යාපා­රය බිංදු­ව­ටම ඇද­වැ­ටුණා. මේ එය යළි නැඟි­ටි­මින් සිටින මොහොත.”

මා ඇය ප්‍රශ්න කරලා මේ ක්ෂේත්‍රයේ ආචා­ර­ධර්ම බිඳි­න්නට උත්සාහ කළේ නැහැ. ඔවුන්ගේ නිද­හස අහිමි කර­න්නට උත්සාහ කළෙත් නැහැ. ශීලා­චා­රව සහ ඉතා කුලු­ප­ගව සංවා­දය ගොඩ නඟා­ගත්තා. එහිදී තමයි මට වැට­හුණේ ඇය පේ රට ගැන පිබි­දුණු හැඟීම් සහි­තව සිටින බව. ඇය ලංකාව පිළි­බඳ දක්වන අද­හස් අප­ටත් වඩා වැද­ගත් වෙන්නෙ ලෝක­යට. එය ශ්‍රී ලංකාවේ සංචා­රක ව්‍යාපා­ර­යට ආලෝ­ක­යක් වේවි කියලා මට හිතුණා. ශ්‍රී ලංකාවේ මැණික් පිළි­බඳ මධුරි ඩික්සිත් සහ පවුලේ සියලු දෙනාම දැක්වූයේ දැඩි උන­න්දු­වක්. මම ඒක දැක්කා. උදේ පැමිණි වේලාවේ සිට වැඩි කාල­යක් ඔවුන් වෙන් කළේ අපේ මැණික් ප්‍රද­ර්ශ­නා­ගා­රය තුළයි. ඇත් අතුරු සෙවණ නැර­ඹී­මට ගොස් ආපසු දිවා ආහා­රය ගැනී­මත් සමඟ නැවත ඒ අය ගියේ මැණික් බැලී­ම­ටයි. ලද අව­ස­ර­ය­කින් ඇය එක්ක යළිත් සංවා­ද­යට එක් වුණා. ඇය අපේ රට ගැන අවං­කව ඇයගේ අද­හස් මා ඉදි­රියේ කියා සිටියා.

“මම ශ්‍රී ලංකා­වට ආවේ තුන් වැනි වතා­ව­ටයි. පසු­ගිය කාලයේ ලංකාව ගැන ඇසූ කතා­ව­ලට වඩා ඉතාම සුබ­දා­යක දේවල් දැන් අහන්න ⁣ලැබෙ­නවා. මම ලංකා­වට ගොඩක් ආද­රෙයි. ලංකාවේ හැම තැන­කම පරි­ස­රය හරිම සුන්ද­රයි. ඒ වගේම ලංකාවේ මිනිස්සු හරි ම කාරු­ණි­කයි.”

මධු­රිගේ සැමියා ද ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණා­භ­රණ, තේ නිෂ්පා­දන මෙන්ම ඇත් අතුරු සෙවණ පිළි­බඳ විශේෂ උන­න්දු­වක් දක්වනු දුටුවා.

මධුරි ඩික්සිත් වැනි ලෝ ප්‍රකට චරිත ශ්‍රී ලංකාවේ කෙරෙන සංචා­රය මැණික් ව්‍යාපා­රය කෙරෙහි සුබ­වා­දීව බලපෑ හැකි ආකා­රය මැණික් ව්‍යාපා­රි­ක­යන්ගේ සංග­මයේ සභා­පති සම්පත් සම­ර­සේ­ක­රගේ අද­හස මෙසේය.

“පසු­ගිය කාලය පුරාම සංචා­ර­ක­යන් හිඟ වීම නිසා මැණික් විකි­ණීම පහළ බැස්සා. සංචා­රක ව්‍යාපා­රය දියුණු වෙනවා කියන්නෙ මැණික් කර්මා­න්ත­යට හොඳ කල­ද­සා­වක් කියන එකයි. මධුරි ඩික්සිත් ලංකා­වට අරන් ආවේ සුබ පණි­වු­ඩ­යක්. ඇය රත්න­පුට පැමිණ මැණික් ගැන දැක්වූ ප්‍රති­චා­රය අපිට ඉම­හත් බලා­පො­රොත්තු ඇති කර­නවා. ඒ කියන්නෙ සංචා­රක ව්‍යාපා­රය පිළි­බඳ ලෝක සුබ­වාදී අක­ල්ප­යක් අපේ රට පිළි­බඳ ගොඩ­නැ­ඟෙ­මින් තිබෙ­නවා කියන එකයි.

ඇමෙ­රි­කාවේ USA TODAY පුවත් පත ප්‍රකා­ශ­යට පත් කර තිබෙ­නවා උණු­සුම් කාලයේ දී සංච­ර­ණ­යට අංක එකේ සුදුසු ම රට ශ්‍රී ලංකාව බවට. ඒ විත­රක් නෙවෙයි LONLEY PLANET වෙබ් අඩ­විය පෙන්වා දෙන්නේ ” වෙර­ළට ආද­රය කර­න්නන්ගේ පාරා­දී­සය ශ්‍රී ලංකාව බවයි. මොවුන් ලෝකයේ විශා­ල­තම සංචා­රක මඟ­පෙ­න්වන පොත් ප්‍රකා­ශ­යන්. සංචා­රක ගම­නාන්ත පිළි­බඳ පොත් මිලි­යන එක­සිය විස්සක් ඔවුන් අලෙවි කර තිබෙ­නවා. ඔවුන් පවසා සිටින පරිදි 2019 අව­සා­නය වන විට ලෝකයේ සංචා­ර­යට හොඳම රට ශ්‍රී ලංකාව බවට පෙන්වා දී තිබෙ­නවා. අපි රත්න­පුර ජෙම් සිටි ව්‍යාපෘ­තිය ලෝක ආකා­ර්ෂ­ණය දිනා­ගත හැකි ප්‍රබල චරි­ත­වල පැම­ණීම අපේක්ෂා කළා. එය ප්‍රක­ටව හෝ අප්‍ර­ක­ටව සිදු වෙමින් පව­ති­නවා.” ඔහු කියයි.

මධු­රිගේ ලංකා ගමන සිදු වන්නේ රහ­සි­ග­ත­වය. ඇය ලංකා­වට පැමිණි බව මාධ්‍යන්ට නිරා­ව­ර­ණය නොවූයේ පෞද්ග­ලික ගම­නක් නිසාය. එහෙත් ඒ අහ­ම්බය අපට ඵල­දායී ලෙස සංචා­රක ව්‍යාපා­රයේ උන්න­තිය වෙනු­වෙන් භාවිත කළ හැකිව තිබිණි. ලෝකය දිනූ ඉන්දි­යාවේ සුපිරි නළු නිළි­යන් ලංකාවේ මැණි­ක්ව­ලට පෙම් කළ බව දැක්වූ මුල්ම අව­ස්ථාව මෙය පම­ණක් නොවේ. වරෙක ඓශ්චර්යා රායි රත­න­පු­රෙන් මැණික් සාරි­යක් නිර්මා­ණය කර­ග­ත්තාය. ඇයට මැණික් සාරිය නිර්මා­ණය කර දුන්නේ කුමා­ර­සිරි රත්නා­යක ය. ඔහුට අනුව මැණික් කර්මා­න්තය ක්‍රම­වත්ව දියුණු වන්නේ නම් රටේ සංචා­රක කර්මා­න්තය වෙනත්ම දිශා­න­ති­ය­කට යොමු කළ හැකිය. ලෝකය අප වෙත එන්නට සූදා­නම් සහිත පෙල­ඹු­මක සිටී. ඒ පෙඹුමේ පල නෙළා ගන්නට අපේ සැල­සු­මක් තිබුණා නම් රටේ අනා­ග­තය සෑම අතින්ම යහ­පත් එකක් වනු ඇත. (silumina)

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.