
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී තුෂාර ඉඳුනිල් අමරසේන එළවළු මල්ලක් රැගෙන පාර්ලිමේන්තුවට පැමිණියේය. ඔහුගේ මල්ලේ තිබූ එළවළු වල ලාභයක් නම් නොවීය.
වම්බටු කිලෝව රුපියල් 400
බෝංචි කිලෝව රුපියල් 350 යි
කැරට් කිලෝව රුපියල්.600 යි
අමු මිරිස් කිලෝව රුපියල් 550 යි
රතු ලූනු කිලෝවක් රුපියල් හයසීයයි
තුෂාර ඉඳුනිල් මන්ත්රීවරයාට තිබූ ප්රධානම ගැටලුව වූයේ මෙම එළවළු මල්ල ප්රවේශමෙන් ගෙදර ගෙනයෑමයි. මේ මිල අධික එළවළු කවුරුන් හෝ පැහැර ගැනීමට ඉඩක් ඇයි ඔහු කියා සිටියේ.
එළවළු මිල සම්බන්ධයෙන් වාසුදේව නානායක්කාර රාජ්ය ඇමතිවරයා මීට පෙර පැහැදිලි විසඳුමක් ලබා දී තිබිණ. ඔහුට අනුව ගණන් වැඩි එළවළු මිල දී නොගෙන ලාභ එළවළු මිලදී ගත යුතුය එවිට ගණන් වැඩි එළවළු වල මිල පහත බසිනු ඇත.