
රත්නපුර දිස්ත්රික් එක්සත් ජනතා නිදහස් සන්ධන පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් සොයිසා මහතා අභාවප්රාප්ත වී ඇත. සිංගප්පුරු රෝහලක ප්රතිකාර ලබමින් සිටියදි ඒ මහතා මිය ගොස් ඇති බව වාර්තා වේ. මිය යන විට මන්ත්රීවරයා 57ත් වන වියේ පසු විය. හදිසියේ අසනීප වූ රංජිත් සොයිසා මන්ත්රීවරයා පසුගිය 28දා අලූයම ප්රතිකර සඳහා ගුවන් මගින් සිංගපූරුවේ රෝහලකට ගෙන යනු ලැබීය.
වැවිලිකරුවෙකුවූ රංජිත් සොයිසා මහතා ශ්රීලංකා නිදහස් පක්ෂයේ ක්රියාකාරිකයෙක් විය. 1997දී අටකලන්පන්න ප්රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ක්රියාකාරී දේශපාලනයට පිවිසියේය. 2002 දී එම ප්රාදේශීය සභාවේ විපක්ෂ නායකයාද විය. 2004 පැවති සබරගමු පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සංධානය නියෝජනය කරමින් එහි මන්ත්රීවරයෙකු ලෙස කටයුතු කළේය.
පසුව සබරගමු පළාත් සභාවේ කෘෂිකර්ම ඇමතිවරයා ලෙස ද කටයුතු කළ රංජිත් සොයිසා මහතා 2015 මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සංධානය නියෝජනය කරමින් රත්නපුර දිස්ත්රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් විය.