මනෝලා පනියිද පිල්?

මනෝ ගනේෂන්ගේ නායකත්වයෙන් යුතු දෙමළ ප්‍රගතිශීලී සන්ධානය එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වීමට ඉඩ ඇත. එම සන්ධානයේ නායක මනෝ ගනේෂන් පවසන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය  තමන්ගේ මැතිවරණ ජයග්‍රහණයට බවයි.

එක්සත් ජාතික පෙරමුණ ලෙස සන්ධාන ගත වී මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා දැන් සිටම් සූදානම් ඊය යුතු වුවත් තවදුරටත් විසඳුමකින් තොරව පවතින එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය සන්ධානයේ කටයුතුවලටද බාධාවක් වී ඇති බවයි දෙමළ ප්‍රගතිශීලි සන්ධානය සාකච්ජා කර ඇත්තේ.

එජාප අර්බුදය තවදුරටත් විසඳුමකට නොයන්නේ නම් එක්සත් ජාතික පෙරමුණෙන් ඉවත් වී වෙනම සන්ධානයක් ලෙස මැතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ අවධානය යොමු වීමට බලපා ඇති තවත් හේතුවක් නම් ඔවුන්ට මේ ගැටළුව හේතුවක් කර ගනිමිනි පොහොට්ටුවට එක්වී ඇමතිකම් ලබා ගැනීමට අලුත් ඉඩකඩක් ඇතිකර ගැනීමේ අවස්ථාවයි.

අනෙක් අතට වතුකරයේ තොන්ඩමන්ගේ බලපෑම අවම කර ගැනීමටත් නව සන්ධාන ගොඩනඟාගැනීම පහසුවක් විය හැකිය.

නුවරඑළියේ දී 27 වනදා පැවැත්වෙන දේශපාලන බල මණ්ඩල රැස්වීමේදී මේ පිළිබඳ තීරණයක් ගැනීමට නියමිත බව ප්‍රකාශිත නමුත් දැනටමත් බැසිල් රාජපක්ෂගේ සමීපතමයින් හා දෙමළ ප්‍රගතිශීලි සන්ධානය අතර සාකච්ඡා ආරම්භ වී ඇති බව සනාථ නොවූ මූලාශ්‍රවලින් ආරංචි වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.