මම කාවවත් මරන්න කුමන්ත්‍රණය කළේ නැහැ – රනිල්

Ranil Wickramasinghe

මහින්දානන්ද අළුත්ගමගේ අමාත්‍යවරයා තමා සම්බන්ධයෙන් එල්ල කළ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පැවසීය. තමා වරදක් කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙසත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තු විවාදයේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරමින් මහින්දානන්ද අළුත්ගමගේ මහතා ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහ මහතා සහ රන්ජන් රාමනායක මහතා එක්ව තමා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණ කර ඇති බවයි. එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ මේ සිද්ධිය ඇතිවූ අවස්ථාවේදී සමන් ඒ සම්බන්ධයෙන් පාර්ලිමෙන්තුවට කරුණු පැහැදිලි කළ බවයි.

පොලීසිය විසින් ‍රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ නිවසින් සොයා ගත් හඬපට මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ මාධ්‍ය වෙත ලබා දී ඇති බවත්, අදාල හඬපට පොදු දේපළක් බවට පත්වූයේ කෙසේද යන්න සම්බන්ධයෙන් ද විමර්ශනය කළයුතු බවත් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රශ්න කළේය.

මෙම හඬ පට යළිත් එකතුකරගැනීම පොලිසිය වගකීම බවයි හිටපු අගමැතිවරයා පෙන්වා දෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.