මරණීය දණ්ඩනයට හතරක් නියම වේ

එල්ලා මරා මරණයට පත් කිරීම සඳහා හතර දෙනෙකුගේ ලියකියවිලිවලට අත්සන් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. කෙසේ වෙතත් මේ බව එල්ලා මැරීමට නියමිත සිටින පිරිස් දන්නේ නැත.

මේ පුවත ආරංචි වීමත් සමඟම මත්ද්‍රව්‍ය වැරදි සඳහා මරණීය දණ්ඩනය සඳහා නියම වී සිටින පිරිස්වල ඥාතින් අතරේ නොසන්සුන් තත්ත්වයක් ඇතිවී ඇත. ඔවුන්ගෙන් ඇතැමෙක් තොරතුරු සොයමින් බන්ධනාගාරය අවට ප්‍රදේශවල සැරිසරමින් සිටිති.

එල්ලා මැරීම සඳහා නියම පිරිස අතරේ කාන්තාවක් ද සිටී. මත්ද්‍රව්‍ය වැරදි සඳහා බන්ධනාගාර ගතවී එයින් පසුවත් මත්ද්‍රව්‍ය ගනුදෙනු කළ වැරදිකරුවන් මරණීය දණ්ඩනයට ලක් වීමට වැඩි ඉඩක් ඇති බවයි වාර්තා වන්නේ. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ මාධ්‍ය කතුවරුන් හා පැවැති රැස්වීමේදී ය.

මරණීය දණ්ඩනය යළි ක්‍රියාත්මක කිරීමත් සමඟම ජනාධිපති සිරිසේන මහතාට රට තුළ යම් ජනප්‍රියත්වයක් ගැනීමට ඉඩක් ඇති බව දේශපාලන විචාරකයින් පවසති කෙසේද මේ තීරණ නිසා අන්තර්ජාතිකව ශ්‍රී ලංකාව හුදෙකලා වීමට ඉඩ ඇත.

පුද්ගලයින් බන්ධනාගාර ගතවූ පසු මත්ද්‍රව්‍ය වැරදි වල නිරත වන්නේ නම් එය බන්ධනාගාර ක්‍රමය ගැටලුවක් බව ඇතැමුන් පෙන්වා දෙති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.