මරණ දඬුවම ක්‍රියාත්මක නොකෙරෙන තවත් ලකුණක්

එල්ලා මැරීමෙන් සිරකරුවා ජීවිතක්ෂයට පත්වූ බව සනාථ කරන්නේ වෛද්‍යවරයෙකි. කවර හේතුවක් නිසා තමන් මේ ක්‍රියාවලියට එක් නොවන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අවධාරණය කොට සිටී.  මේ තත්ත්වය අනුව මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරනවා නම් එසේ කිරීමට සිදුවන්නේ සම්ප්‍රදායට පටහැනිවයි.

මෙය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත වෙස් වළාගෙන පැමිණ ආශිර්වාදයකි, දැන් වෛද්‍යවරුන් තමන්ට සහයෝගය නොදක්වන නිසා තමන්ට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නැති බව ජනාධිපතිවරයාට පැවසිය හැකිය. මේ නාටකය අවසානයේ දී සිදු වන්නේ ය ශ්‍රී ලංකාව ම්ලේච්ඡ දඬුවම් ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන රටක් ලෙස ජාත්‍යන්තරය තුළ ලේබල් වීමයි.

ජනාධිපතිවරයා විසින් යළි මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීරණය පිළිබඳ සිය සංගමයේ ස්ථාවරය පැහැදිලි කරමින්, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය වෙනුවෙන් වැඩ බලන සභාපති වෛද්‍ය පණ්ඩුක කරුණානායක මාධ්‍ය නිවේදනයක් නිකුත්කර කරමින් මෙසේ කියා සිටි.

”මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියට හෝ එහි කොටසකට හෝ ඒ සඳහා සිරකරුවන්ගේ යෝග්‍යතාවය පිරික්සීමට හෝ බලපෑම මත හෝ වෛද්‍යවරුන් සහභාගී වීම ආචාර ධර්ම වලට පටහැනි බව අපි පෙන්වා දෙනු කැමැත්තෙමු. බලපෑම් මධ්‍යයේ වුවද මනුෂ්‍ය ජිවිතයට ගරු කිරීම අප වෘත්තියේ උත්තරීතර ආචාර ධර්මයකි.

සිරකරුවන් සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් වලකින ලෙසට ආණ්ඩුවෙන් සහ රජයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය දැඩිව ඉල්ලා සිටියි.

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම තුළින් ලබාගැනීමට බලාපොරොත්තු වන යහපත් සමාජයීය පරමාර්ථයන් තිබේ නම්, එවැනි පරමාර්ථ සපුරාගත හැකි වෙනත් සුදුසු ක්‍රමවේද පිළිබඳ වූ කතිකාව අඛණ්ඩව ඉදිරියටත් පවත්වා ගෙන යන ලෙසත්, අප සියළු පාර්ශ්ව වලින් ඉල්ලා සිටිමු.

එලෙසම, මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම හෝ ඊට කිසියම් ආකාරයකින් දායකවීම වෛද්‍ය ආචාර ධර්ම වලට පටහැනි බව අප සංගමය සියළුම වෛද්‍යවරුනට ද දන්වා සිටී.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.