මරණ දඬුවම ක්‍රියාත්මක නොවන එකක්?

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා සිව් දෙනකුගේ ලියකියවිලිවල අත්සන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැවසුවත් බොහෝ දුරට සිදුනොවීමට ඉඩ ඇතැයි වාර්තා වේ. එම ප්‍රකාශය කළ අවස්ථාවේදීම මෙම පුද්ගලයින්ට අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ඇති බව ජනාධිපතිවරයා කියා සිටියේය.

බන්ධනාගාර ආරංචි මාර්ග අනුව මේ තාක් කල් එම පුද්ගලයින් සිව් දෙනාට හෝ ඔවුන්ගේ පවුල්වල අයට මරණීය දණ්ඩනය ලබා දෙන බව දන්වා නැත. බන්ධනාගාර කොමසාරිස්වරයා මාධ්‍යයට කියා සිටී ආකාරයට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ලියකියවිලි තාමත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ලැබී නැත. ඒ අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය හමාර වීමට පෙර මරණීය දණ්ඩනය ක්‍රියාත්මක නොවීමට ඉඩ ඇත.

මේ වන විට ජාත්‍යන්තර ක්ෂමා ආයතනය, බ්‍රිතාන්‍ය, මෙන්ම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම ද මරණීය දණ්ඩනයට එරෙහිව තමන්ගේ මත පලකොට ඇත. කෙසේ වෙතත් මේ පුවත සැලවීමෙන් අනතුරුව මරණීය දණ්ඩනයට නියම වූ පිරිස් අතර දැඩි බීයක් හටගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.