මරණ දඬුවම ලබාදීම ඔක්තෝබර් 30 වනදා තෙක් වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් ලබා දී තිබේ. ඒ තමන් සිව්දෙනෙකුට මරණ දඬුවම ලබාදීමට අත්සන් කළ බවට ජනාධිපතිවරයා පසුගියදා සිදු කළ ප්‍රකාශය අනුව එසේ මරණ දඬුවම පැනවීමට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් විභාගය අද (05) අරඹමිණි.
ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිව්දෙනෙකුට මරණ දඬුම ලබාදීම සඳහා අත්සන් කළ ලේඛනය මත ඔවුන්ට මරණ දඬුවම ලබාදීම ඔක්තෝබර් 30වනදා තෙක් කල් යනු ඇත.බුවනෙක අලුවිහාරේ, ගාමිණී අමරසේකර සහ ප්‍රසන්න ජයවර්ධන න ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගය සිදුවේ.
සන්නිවේදනය
කිසියම් සිරකරුවෙකු මරණීය දණ්ඩනයට කළ යුතු දිනය, වේලාව හා ස්ථානය දැක්වෙන නිවේදනයක් ජනාධිපතිවරයා විසින් ලබාදී තිබේදැයි, පෙත්සම විභාගයට ගත් අවස්ථාවේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් විමසා තිබේ. එහිදී බන්ධනාගාර කොමසාරිස්වරයා ප්‍රකාශ කර ඇත්තේ එවැනි සන්නිවේදනයක් මෙතෙක් තමන් වෙත ලැබී නොමැති බවත් කිසියම් සිරකරුවෙකු මෙම අවස්ථාව වනවිට මරණීය දණ්ඩනයට ලක්වීමේ අත්‍යාසන්න තත්වයක නොමැති බවත්ය.