මර්සලින් ජයකොඩි පියතුමන්ගේ නත්තල් ගී දැහැන

දෙසැම්බර් මාසයේ දිනදසුන් පිටුව පෙරලෙන්නේ ආරාධනය කරමින්. නත්තල් ගීතිකා ආර වදනින්යෙ ගෙත්තම් කළ මර්සලින් ජයකොඩි පියතුමන් පිළිබඳ මතකය ගලාගෙන යන්නේ තරු කිරණක් ලෙසින්.

සිතත් සවනත් එකසේ දිදුලයි

බයිබලයේ ලූක්තුමාගේ සුවිශේෂයේ සුරදුතිකාවන්  ජේසු බිළින්දා ලිව් මුල්ම නත්තල් ගීතය මෙසේ සටහන් වෙනවා.

”අති උසස් තන්හි දෙවිඳුන්ට මහිමය ද

මිහිපිට දේව ප‍්‍රසාදය ලත් ජනයා අතර

සාමය ද වේවා…”

”වරක් ගැයීම දෙවරක් යැදීමක්” බවත්, එය දෙවියන් වහන්සේට දිය හැකි උතුම්ම ප‍්‍රශංසාවක් බවත්

මර්සලින් ජයකොඩි පියතුමා තේරුම්ගත්තා.

ගීතිකාව හෙළ බස් වහරින් සරල සරල ලෙසින් පල්ලිය රැව් දෙන්න පටන් ගත්තේ මර්සලින් ජයකොඩි පියතුමාගේ නත්තල් ගීතිකා හේතුවෙන්.

තරු ප්‍රනාන්දු සහෘදයා තම බ්ලොග් සටහනේ පලකල විමසුමක් මෙතැන් සිට

සීනු හ`ඩින් ලොව පිබිදෙනවා

නත්තල දොර ළඟ හිනැහෙනවා

ගවහලකට තරුවක් යනවා

අහසට පොළව ගැටේ…

තරු එළියේ කඳු වැටියේ

බෙත්ලෙහෙමේ මංගල එළියේ

මල්වැසි වසිනු පෙනේ…

………………………………..

රැයක අඳුර දුරුවෙලා මුළුම අහස තරුවෙලා

පොඩි තරුවක් හිරු වෙලා මහඟු මඟුලෙකී

කුරුළු රංචු ඇහැරිලා මල් සීතට ඇහැරිලා

සැම තැන හිම ඉහිරිලා මහඟු මඟුලෙකී..

සීතත් ඇත.. ගීතත් ඇත..

රැයකුත් ඇත ගෙයකුත් නැත

ගව්වක් දුර යන්ටත් ඇත දරුවකු සොයලා

සැනසුම නැත උණුසුම නැත

මව්රුවනට පුතෙකුත් ඇත

යමු යන්නට ගොස් එන්නට

ඒ පුත බලලා…..

…………………………………..

රෑ තරු බබළනවා… මල් පිපිලා වාගේ

එළියෙන් නැහැවෙනවා.. මල් වැහැලා වාගේ

රැව් පිළි රැව් දෙනවා…

ගීත නාද වාගේ….ගීත නාද වාගේ….

බිලිඳකු හිනැහෙනවා.. මුහුදක රැළි වාගේ…

…………………………..

බෙත්ලෙහෙමේ අද රෑ උපන්නා

ලස්සන බිළිඳෙක් මල් වගේ

මවගෙ ළයේ සුරතල් විඳින්නා

මුතු වැනි රූ සපුවයි ඇගේ

ජය ජය ජය සිරි… ජය මංගල සිරි

මංගල ආසිරි අත් වේවා….

මෙලොවට මේ නත්තල් දිනේ…

ඕනෑම රටක සුභාවිත ගී ආරක් ගොඩනැගෙන්නේ ඒ රටේ බස් වහර හසුරු ාලන රොයිඩ් මෙයට බව කියා සිටියේ අමරදේවයන් එතුමන් මේ භාවිතය හැඳින්වූවේ සර හසර යනුවෙන්.

සරහා සැර තේරුම්ගත් ජයකොඩි පියතුමන් අපූරු වදන් චිත්‍ර නාද සිත්තම් හා මුසු කළා

දින දින දොරකඩ කිරි ඉතිරේවා

මල් මී වද වේවා…

තොල තොල ගානේ කිරි පැණි බේරී

.

නත්තල් ඇති තුරු මුළු දිවියම එක

වසන්තයක් වේවා…

……………………………

වනබැද්දේ.. නිල්තැන්නේ.. කහවන් මල් පීදේ

රැස් දිස් වී.. රන්වන් වී.. සුළෙඟ් රැළි පෑදේ

හෙල් බෑවුම් අතරේ… දිය සීරාවන් වෑහේ

ඒ කිංකිණි නාදේ.. ජය රඟපෑමට සෑහේ….

…………………………….

ඔබ වෙත එමු මල් අරගෙන බෝවිටියා මල්

සෙව්වන්දි හා අරලිය මලිතිය ලිය මල්

වැටකේ මල් දුනුකේ මල් කොර කහ රත්මල්

වතුසුදු මල් කටරොළු සල්මල් ජේසු බිළිඳුනේ…‍‍

………………………..

ඉර බැස යන සැඳෑවයි

පියා උදේ මුහුදට යයි

ළදරු දුවක පැදුරෙ නිදයි

නිදයි.. අ`ඩයි.. නිදයි.. අ`ඩයි..

පිපිරි පිපිරි පහන දැවෙයි

වැසි සුළෙඟ් වැටිය නිවෙයි

ගල් තුන උඩ බතක් ඉදෙයි

ලිපේ එළිය ගෙට පහනයි…

දිළිඳු පැලේ ජේසු උපන්නේ….

ගරු ජයකොඩි පියතුමා සිංහල වචනවලින් මවන නත්තල සරලයි. සරුව පිත්තල ආටෝපයෙන් වැසී ගිය අද නත්තලට වඩා එය නාගරීකරණය නොවු ගැමි දිවියට බෙහෙවින් සමීපයි.. දරු නැළවිල්ලක අසිරිය ගෙනෙන මේ නත්තල් ගීතය බලන්න…

නැළැවෙන්නේ – නැළැවෙන්නේ

පොඩි පුත නැළවෙන්නේ…

රන් තරුවක් අහසේ බබළන්නේ

ඔබ දෙස හැරි හැරි එබී බලන්නේ

නැළැවෙන්නේ – නැළැවෙන්නේ

නැළැවෙන්නේ – නැළැවෙන්නේ

දොයි දොයි දොයිය බබෝ… දොයියන්නේ

දොයි දොයි – තරු බබළන්නේ – එබී බලන්නේ

නැළැවෙන්නේ – නැළැවෙන්නේ

එතුමා නත්තල් ගීතිකාව මතු නොව සමස්ත හෙළ කිතුනු ගී කෙත අස්වද්දන්නට කළ මෙහෙවර අද්විතීය යි. එහි විවාදයක් නැහැ. නමුත් නත්තලේ අසිරි සිරිය විනා නත්තලේ සැබෑ අරුත මෙම ගීතිකාවලින් නිරූපණය වන්නේද යන්න ගැටලූවක්. නත්තලේ සිදුවීම් පිළිබඳව සෞන්දර්යාත්මක වර්ණනා මිස නත්තල තුළින් පිළිබිඹු වන දේව ධාර්මික, අධ්‍යාත්මික, සමාජයීය ගැඹුර එතුමන්ගේ නත්තල් ගීතිකාවලින් මතු නොවන බව පැහැදිලියි. එය ආනන්දෙයන් ඇරඹී ඉන් ඔබ්බට යා නොහී එතැන්හිම නතර ව ඇති සෙයකි.

නත්තලේ සැබෑ අරුත කැටි කොට ගත් නත්තල් ගීතයක් මුලින්ම අපට හමුවන්නේ නන්දා මාලනියගේ හඬින්… එයා මහාචාර්ය සුනිල් ආරියරත්නයන්‍ ගේ පද රචනයක්.. ප‍්‍රශංසනීයම කාරණය වන්නේ එතුමන් බෞද්ධයෙක් වීම. එකී නත්තල් ගීතයේ පද පෙළ මෙලෙසිනි.

ආලේලූයියා… ආලේලූයියා… ආලේලූයියා…

ජේසු ස්වාමි දරුවනේ… ජේසු ස්වාමි දරුවනේ

දුගී පැලේ දිනා මෙලෝ තලේ දිනූ

ඔබේ දහම් තියේ ද දැන් දිව නෙතින් බලන්…

පැල්පතේ හ`ඩද්දි සා දුකින් දුගී ළමෝ

මන්දිරේක සාදයක් ය මිහිරි නත්තලේ

ඒ නොවේය ස්වාමිනී ඔබ දෙසූ දහම්

ගොල්ගොතාව කුරුස කන්ද රතු ලෙයින් තෙමා…

රන් රිදී මැණික් නොවීය ඔබ සමීපයේ

දළ පිලී විනා දුහුල් නොවී ශරීරයේ

මන්ද මේ විලාසිතා දේව මන්දිරේ

යළි ගලීලයෙන් නැගී මෙලෝ තලේ බලන්

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් පෙන්වා දුන් මඟ යමින් දැන් දැන් නත්තලේ සැබෑ දේව ධාර්මික අර්ථය, සමාජමය වටිනාකම කැටි කොට ගත් නත්තල් ගීත විරලව නමුත් නිර්මාණය වෙමින් පැවතීම සුභවාදී අපේක්‍ෂා දල්වයි.

එවැනි නත්තල් ගීත කීපයක් පිළිබඳව ඉදිරියේදී ඔබ හා අදහස් බෙදා ගන්නට කැමතියි… මේ සුන්දර දෙසැම්බරයේ…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.