මහින්ද අක්‍රමික ලෙස රූපවාහිනී දැන්වීම් කරණයේ

mahinda-rajapaksaපැවති 2015 ජනාධිපතිවරණයේදී එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට වාසි සහගත අන්දමින් ප්‍රචාරක කටයුතු සිදු කිරීම සඳහා ස්වාධීන රූපවාහිනිය නොමිලයේ යොදාගැනීම තුළින් රාජ්‍ය ආයතනයක් වූ එම රූපවාහිනියට රුපියල් එකොලොස් කෝටි විසිනව ලක්ෂ හාරදහස් හයසිය තිස් අටක (රු. 112,904,638) මුදලක් පාඩු සිදු කිරීම සහ එම ජනාධිපතිවරණයේම පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප්‍රවර්ධන ප්‍රචාරක දැන්වීම් සඳහා සත්‍ය ගුවන්කාල සම්මත මුදල මෙන් දෙගුණයක් අයකර එකම මැතිවරණයකදී සමාන අපේක්ෂකයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුට අසමාන ලෙස සැලකීමකට බඳුන් කර වැඩි පුර මුදලක් ස්වාධීන රූපවාහිනී පාලන අධිකාරිය මගින් ලබාගැනීමට කටයුතු කිරීම යන චෝදනා සම්බන්ධයෙන් බරපතල වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් සිදු කළ පරීක්ෂණයේ සම්පූර්ණ වාර්තාව මේ වනවිට ලැබී තිබේ.

“ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට අයවිය යුතු මුදල් නොගෙවීම සම්බ්නධ PCI/95/2015 දරණ පෙත්සම

අක්‍රමිකතාවයන් සහ වගකිවයුතු පාර්ශවයන්…

ඉහත සඳහන් පෙත්සම සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයෙන් අනතුරුව පහත සඳහන් පාර්ශවකරුවන් පරීක්ෂණ සඳහා කැඳවීමට නොතීසි ලත් පාර්ශවයන් ලෙස හඳුනාගෙන ඇත.

හේවගේ අනුර සිරිවර්ධන,
විජේසිංහ පණ්ඩිතගේ අරුණ මූර්ති විජේසිංහ, සාමාන්‍යධිකාරී ස්වාධීන රූපවාහිනී සේවය
ජයසිංහ ආරච්චිගේ උපාලි රංජිත්, නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (අලෙවි), ස්වාධීන රූපවාහිනී සේවය,
දිලීප් ප්‍රියන්ත වික්‍රමසිංහ,
කෙහෙළිය බණ්ඩාර දිසානායක රඹුක්වැල්ල, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී / හිටපු ජනාධිපති,
අනාවරණය වූ වැරදි.

අනාවරණය වූ වැරදි.

01 සිට 06 දක්වා වන නොතීසිලත් පාර්ශවයන්ට ආදාළව පරීක්ෂණයට පදනම් වූ සිද්ධීන් මෙසේය.

පුරප්පාඩුවක් නොමැති අවස්ථාවකදී අනුර සිරිවර්ධන යන අය ස්වාධීන රූපවාහිනියේ මාධ්‍ය ජාලයේ සභාපති / ප්‍රධාන විධායක නිලධාරී වශයෙන් අක්‍රමවත් ලෙස පත්කිරීම.

2015 ජනාධිපති මැතිවරණ කාලසීමාව ඇතුළතදී අපේක්ෂ මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රවර්ධන ප්‍රචාරක දැන්වීම් මීඩියා ෆැක්ටරි ආයතනය මගින් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ආයතනය වෙත යොමු කර නොමිලයේ විකාශනය කිරීම තුළින් සිදු වී ඇති රුපියල් 101,773,058ක මූල්‍යමය පාඩුව.

ඉහත මැතිවරණ කාලසීමාව තුළදී අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රවර්ධන දැන්වීම් ස්පෙල් සොලියුශන් ආතනය නමින් යොමු කර ස්වාධීන රුපවාහිනී මාධ්‍ය ජාලය මගින් මුදල් ලබා නොගෙන විකාශ කිරීම තුළින් සිදුව ඇති රුපියල් 2,467,812ක මූල්‍යමය පාඩුවක්.

2015 ජනාධිපතිවරණ මැතිවරන කාලසීමාව තුළදී අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරන ප්‍රවර්ධන ප්‍රචාරක දැන්වීම් විකාශනය කිරීමට පෙර මුදල් ලබාගෙන එම දැන්වීම් ප්‍රචාරය නොකර ලබාගත් මුදලින් රුපියල් 8,663,768ක මුදලක් ආපසු වික්ටරි ඇඩ්වර්ටයිසින් ආයතනය වෙත ගෙවීම තුළින් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට ලැබීමට තිබූ ආදායමක් නොලැබී යාම හේතුවෙන් සිදුවී ඇති ඉහත සඳහන් කළ මූල්‍යමය පාඩුව.

2015 ජනාධිපතිවරණයේදී අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප්‍රවර්ධන ප්‍රචාරක දැන්වීම් සඳහා සත්‍ය ගුවන්කාල සම්මත මුදල (Rate Card) මෙන් දෙගුණයක් අයකර එකම මැතිවරණයකදී සමාන අපේක්ෂකයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුට අසමාන ලෙස සැලකීමකට බඳුන් කර වැඩි පුර මුදලක් ස්වාධීන රූපවාහිනී පාලන අධිකාරිය මගින් ලබාගැනීමට කටයුතු කිරීම සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට සිදුවී ඇති රුපියල් 112,904,638ක මූල්‍යමය පාඩුව.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.