මහින්ද දබර ඇඟිල්ල ලෙලවයි

 

Untjkku

 

 

ගහන්න ගහන්න වඳින කෙනාත් වඳින්න වඳින්න ගහන කෙනාත් මෝඩයා යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ඒ මහතා මෙසේ පැවසුවේ තංගල්ලේ දී ඊයේ පැවති හම්බන්තොට දිස්ත‍්‍රික් සමෘද්ධි නිලධාරීන්ගේ රැස්වීම අමතමිනි. තමන්ගේ පාක්ෂිකයින්ට හිරිහැර කිරීම නතර කළ යුතු බව හිටපු ජනාධිපතිවරයා කියා සිටියේය.

මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ආගමනය හේතුවෙන් ශ්‍රීලංකා නිදහස් පක්ෂය තුල දෙකඩ වීමක් සිදුවුනහොත් එයින් වැඩි වාසියක් අත්වන්නේ එක්සත් ජාතික පක්ෂයටයි.පවතින තත්වය අනුව රනිල් වික්‍රමසිංහ සමග සන්ධානයක් ගොඩ නගා ගැනීම මහින්ද රාජපක්ෂට අවාසියක් නොවිය හැකිය.

mahinda is willing to retaliate to save srilanka

[vsw id=”/c_HKxRIjGig” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 
මෙහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් කියා සිටියේ රට එක්සේසත් කළ නිසා තමන්ට එරෙහිව ඡන්දය ප‍්‍රකාශ කිරීමට උතුර සහ නැගෙනහිර පළාත්වල ජනතාවට අවස්ථාවක් හිමිවූ බවයි. එම ජනතාව ජනාධිපතිවරණයේදී තමන් වෙනුවෙන් ඡන්දය භාවිත කළේ නම් එහි ජයග‍්‍රහණය තමන්ට ලබාගැනීමට හැකිවන බව ඔහු ප‍්‍රකාශ කළා. ජනතා මතයට හිස නමමින් පැය 24 ක් යාමටත් මත්තෙන් අරලියගහ මන්දිරයෙන් නික්මුණු බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙහිදී කියා සිටියේ.

 

 

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.