මහින්දත් මරණ දඬුවමට විරුද්ධයි!

mahinda rajapaksa

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට විරුද්ධ පිරිස අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද සිටී. විපක්ෂනායකවරයා මේ බව ප්‍රකාශ කළේ කඹුරුපිටිය ප්‍රදේශයේ අද(28) පැවති පුණ්‍යෝත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

මේ වන විට එක්සත් රාජධානිය සහ කැනඩාව ශ්‍රී ලංකා මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට දක්වන උනන්දුව ගැන තම විරෝධය පලකොට ඇත. මේ අතරවාරයේ ලබන සතිය අවසන් වනතුරු මරණ දඬුවම ක්‍රියාත්මක කරමින් තමන් යටතේ සිටින කිසිම පුද්ගලයකු එල්ලා මැරීම සිදු නොකිරීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජයසිරි විජේනාත් තෙන්නකොන් මහතා අද ( 28) අධිකරණය හමුවේ එකඟතාවය පළ කළේය.

මරණදඬුවම් ක්‍රියාත්මක කරමින් කිසිම පුද්ගලයකු එල්ලා මැරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු පුවත්පත් කතුවරයකු ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වන්නැයි නියෝග කරමින් අභියාචනාධිකරණය අද (28) උදේ වරුවේ නීතිපතිට නොතීසි නිකුත් කළේය.

මේ අතරවාරයේ තනතුරට තෝරා ගත් දෙදෙනා දිගටම තම පුහුණුවීම් කටයුතුවල යෙදෙමින් සිටින බවයි වාර්තා වෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.