
හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ සහ රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු නියෝජ්‍යය පර්යේෂණ අධ්යක්ෂ අජිත් කොලොන්නේ යන වෘත්තීයවේදීන් දෙදෙනා රැවටීමකට ලක් කොට මහේෂ් සේනානායක මහතා ජනාධිපතිධූරය සඳහා ඉදිරිපත් කිරීම තුළින් විකල්පයකට තිබුණු අවස්ථාව නැතිව ගිය බව හෙළිදරව් වී ඇත.
අන්තිම මොහොතේදී කාටත් නොකියා ඉදිරිපත් කළ මහේෂ් සේනානායක මහතාට අවම වශයෙන් හමුදාව තුළත් ඡන්දදායක පදනමක් නොමැතිබවයි අජිත් කොලොන්නේ පවසන්නේ.
තමන්ව ආරම්භක පිතිකරුවෙක් ලෙස හඳුන්වා පසුව කණ්ඩායමෙන් පලවාහැරිය බවක් පෙනෙන්නට ඇතැයි අජිත් කොලොන්නේ කියා සිටී. තමන් කිසිදෙයක් ඉල්ලුවේ නැති අතර අවසානයේදී අපරිණත ආකාරයට සර්වෝදය මුල්කරගත් දේශෝදය ව්‍යාපාරය සහ වෘත්තීයවේදීන්ගේ සංගමය කටයුතු කළ බවයි අජිත් කොලොන්නේ කියා සිටින්නේ.
අජිත් කොලොන්න නම් හෙළිදරව් නොකළත් මේ කාර්යයේදී මූලිකත්වය ගෙන කටයුතු කළේ සර්වෝදය ප්‍රධානි වින්යා ආරියරත්නය. නාගානන්ද කොඩිතුවක්කු පිළිබඳව බලාපොරොත්තුවක් තැබිය නොහැකි බව කොල්ලොනේ පෙන්වා දෙයි. ඉදිරි මැතිවරණයේදී විකල්ප කණ්ඩායමක් හරහා ඉදිරිපත් විය හැකිනම් තමන් මෙය කරණ බව අජිත් කොලොන්නේ පවසයි.
ප්රභාකරන්ගේ මොලේ ක්‍රියාත්මක වන ආකාරය විශ්ලේෂණය කළ බුද්ධි නිලධාරියෙක් වන අජිත් කොලොන්නේ හට මේ රැවටීමත් තේරුම් ගත නොහැකි වූයේ මන්ද යන ප්රශ්නය ඉතිරි වනු ඇත.