මහේස්ත්‍රාත් තිලිණ විනිසුරු ගිහාන් අගතිගාමී ලෙස කටයුතු කරන බව කියයි

thilina gamage

කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් තමන්ට එරෙහිව ඇති නඩුව විත්තියට අගතිගාමි ලෙස විභාගයට ගනිමින් සිටිනා බැවින් වෙනත් මහාධිකරණයකට යොමු කරනා ලෙස මේ වන විට සේවය අත්හිටුවා ඇති මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහින් සිදුකොට ඇති ඉල්ලීමක් අධිකරණය විසින් තහනම් නියෝගයක් ලබාදී ඇත.

තිළිණ ගමගේ මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට එරෙහිව නීතිවිරෝධි අන්දමින් අලි පැටවකු සන්තකයේ තබා ගැනීම ඇතුළු අධිචෝදනා යටතේ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ පවරා ඇති නඩුව විභාගයට ගැනීම වළක්වමින් අභියාචනාධිකරණය අද තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

තිළිණ ගමගේ මහතා විසින් ගොනුකර තිබු පෙත්සමක් සලකා බැලු මහින්ද සමයවර්ධන හා ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල එම නියෝගය කළේ ය.

අතුරුතහනම් නියෝගය ලබාදීම

පෙත්සම්කරු ඉල්ලා ඇති පරිදි අතුරුතහනම් නියෝගය ලබාදීම සම්බන්ධයෙන් ලබන 29 සලකා බැලීමට විනිසුරුමඩුල්ල තීරණය කළේ ය.

පෙත්සම්කරු ඉල්ලා ඇති පරිදි අතුරුතහනම් නියෝගය ලබාදීම සම්බන්ධයෙන් ලබන 29 සලකා බැලීමට විනිසුරුමඩුල්ල තීරණය කළේ ය.

මේ අතර මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව ලබන 3 වැනි දා දක්වා කල් තැබීමට මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියෝග කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.