මහ ඇමති ඉක්මන් ඇපය ගැන ප්‍රශ්න රැසක්

chamara-sampath-1බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයයේ විදුහල්පතිනියට බලපෑම් කර දණගැස්වීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබු ඌව මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතා ඇප මත මුදා හරින ලෙස බදුල්ල මහේස්ත්‍රාත් නයන්ත සමරතුංග මහතා නියෝග කළේය. ඔහුට රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප නියම විය.

පරීක්ෂණ නිමාවී නොමැති මෙම බරපතල අපරාධයට සැකකරුවෙකුට කිසිසේත්ම ඇප ලබා දිය නොහැකි බව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න කිරීම් සිදුවෙමින් පවතී. මහ ඇමැති වරයාට ඇමැති ඩිලාන් පෙරේරා ගේ සහයෝගය ලැබෙමින් තිබෙන බව වාර්තාවේ.

චූදිතයා අධිකරණයට ඉදිරිපත් කරන බවක් වින්දිත විදුහල්පතිනිය හෝ ඇයගේ නීතිඥයන් හෝ දැන සිටියේ නැති අතර අධිකරණයේ දී වින්දිතයාගේ පාර්ශවය වෙනුවෙන් ඇප දීමට විරුද්ධ වීමට නීතිඥයෙකුට ඉදිරිපත් වීමට අවස්ථාවක් ලැබී නැත. වින්දිත විදුහල්පතිනියට බලපෑම් කළ පළාත් අධ්‍යාපන බලධාරීන් කිසිවෙකුගෙන් කට උත්තරයක් ලබාගෙන ඇති බව දැනගන්නට නැත.

‘කඩු’ සංකල්පය

මේ අතර වින්දිත විදුහල්පතිනිය අද පාර්ලිමේන්තුවේ පෙත්සම්කාර සභාවට තම පැමිණිල්ල ඉදිරිපත් කළ අතර පෙත්සම්කාරක සභාව විසින් ඒ සඳහා කමිටුවක් පත් කරන ලදී. එහි සාමාජිකයන් වුයේ සුනිල් හඳුන්නෙත්ති සහ නිහාල් ගලප්පත්ති මන්ත්‍රීවරුන්ය. ලබන 25 වෙනිදා මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම විසින් සිය විමර්ශනය ආරම්භ කිරීමට නියමිත ය.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් පළාත් සභාවේ අධ්‍යාපන බලධාරීන් විසින් විදුහල්පතිනියට කළ බලපෑම් පිලිබඳ සෙවීමට අධ්‍යාපන ඇමැතිවරයා විසින් කමිටුවක් පත් කර තිබේ. මේ සම්බන්ධයෙන් ජනාධිපතවරයාද පරීක්ෂණයක් පැවැත්වීමට නියම කොට ඇත.

ජනාධිපතිවරයාගේ ‘කඩු’ සංකල්පය අනුව ඉක්මන් හා සාධාරණ ක්‍රියාමර්ගයක් ගත යුතුව ඇතැයි මානව හිමිකම් ක්‍රියාධරයින් පෙන්වා දෙති.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.