මහ ඡන්දයට අලූත් ඡන්ද දෙලක්‍ෂ හැත්තෑ එක්දහසක් එකතුවෙයි

votes

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ජන්දය ප‍්‍රකාශ කිරීම සඳහා අලූතින් ජන්ද දායකයන් දෙලක්ෂ හැත්තෑ එක්දහසක් පමණ වැඩිවී ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.

ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වෙන්නේ 2019 ඡන්ද හිමි නාමලේඛනය යටතේ වන අතර ඡන්ද දායක සංඛ්‍යාව 16263885 කි. (එක් කෝටි හැට දෙලක්‍ෂ හැටතුන් දහස් අටසිය අසූපහකි).

මෙම ඡන්ද සංඛ්‍යාවේ වැඩිවීම අනුව එක් එක් දිස්ත‍්‍රික්කයට හිමි වන මන්ත‍්‍රී ධුර ප‍්‍රමාණය ද ඉදිරි දිනවලදී ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිසම පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.