මානව හිමිකම් යෝජනා යලි සලකා බලනවා – නව විදේශ ඇමති

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ඉදිරිපත් කෙරුණු 30/1 යෝජනාව පිළිබඳව සලකා බැලීමක් කරන බව අමාත්‍යංශයේදී වැඩ බාර ගත් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළේය. ඇමරිකාව හා ශ්‍රී ලංකාව සම දායකත්වයෙන් යුතුව මෙම යෝජනාව ඉදිරිපත් කොට තිබිණ.

මෙම යෝජනාව දෙස රටක් හැටියට නැවත සලකා බැලීමක් වට මෙය වන සමබර තත්ත්වයකට ගෙන ඒමට තමන් ක්‍රියා කරන බව නව විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

විශේෂයෙන්ම ඇමෙරිකාව සමඟ අත්සන් කිරීමට තිබෙන ද්විපාර්ශ්වික ගිවිසුම් යළි විමසුමකට ලක් වන බවයි ගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.(Acquisition and Cross-Servicing Agreement (ACSA), Status of Forces Agreement (SOFA) and Millennium Challenge Corporation (MCC) )

ශ්‍රී ලංකාවේ හමුදා සාමසාධක කටයුතුවලින් ඉවත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ගත් තීරණය පිළිබඳව තමන් වැඩිදුර සාකච්ඡා කරන බවයි දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා පවසන්නේ.

ජාත්‍යන්තර බල අරගල වල කොටස්කරුවෙක් වීමට ශ්‍රී ලංකාවට අවශ්‍යතාවක් නැති බවත් සියළු ජාතීන් හා මිත්‍රත්වයන් කටයුතු කිරීමට තමන්ට අවශ්‍ය බවත් නව විදේශ අමාත්‍යවරයා කියා සිටියේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.