මාමා ගෙදර නමුත් බෑනා වැඩ

arjunමහ බැංකුවේ ආන්දෝලනයට තුඩු දුන් බැඳුම්කර සිද්ධියට චෝදනා ලද පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම නැවත වරක් බැඳුම්කර මිලදීගැනීමට ඉදිරිපත්ව සිටී. එහෙත් මේතාක් ඔවුන් චෝදනා වලට වැරදිකරුවන් වී නැති හෙයින් කළ හැකි දෙයක් නැති බවයි බැංකු ආරංචි මාර්ග කියා සිටින්නේ.

මෙවර රුපියල් මිලියන 29,500ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියට ඉදිරිපත්ව ඇති එම සමාගම රුපියල් විසිදෙලක්ෂ හයදහස් එකසිය වසිතුනක් (රු. 2,206,123) මිලදී ගැනීම සඳහා ලංසු තබා ඇත.

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම අයත් වන්නේ ආන්දෝලනයට තුඩු දුන් බැඳුම්කර සිද්ධිය වූ සමයේ මහ බැංකු අධිපතිවරයා වූ අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන ඇලෝසියස්ටය.

කෙසේ නමුත් මේ සිද්ධිය ගැන ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරන්නේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට ගනුදෙනු කිරීමට තහනමක් පනවා නැති බැවින් ඔවුන්ට ලංසු තැබිමට නීත්‍යනුකූලව හිමිකමක් ඇති බවය.

press_20170421

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.