“මායාකාරියන්” ට මලමුත්‍ර පෙවූ තිරිසනුන්

maayakari“මායාකාරියන්” යැයි සිතා කාන්තාවන් දෙදෙනෙකුට හිරිහැර කළ පුද්ගලයන් එකොළොස් දෙනෙක් ඉන්දියානු පොලිසියේ අත්අඩංගුවට පත්වුහ. හැට පස් වියැති කාන්තාවක සහ ඇයගේ තිස්පස් වියැති දියණිය මායාකර්මවල යෙදෙන්නේ යැයි සිතා, එයට දඬුවමක් ලෙස ඔවුන් දෙදෙනාව නිර්වස්ත්‍ර කර ගම්මානය මැදින් ඇවිද යාමට සලස්වා බලහත්කාරයෙන් මිනිස් මලමුත්‍ර පෙවී යැයි එම පුද්ගලයින්ට චෝදනා එල්ල විණි.

තමා සහ මව ගම්වැසියන් අතර රෝගයක් පතුරුවනවා යැයි සිතා මෙසේ දඬුවමට ලක් කළ බව දියණිය බීබීසී වෙත පැවසුවාය.

ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල සුලබව දක්නට ලැබෙන “මායාකාරියන් දඩයම”, කාන්තාවන් ඉලක්ක කර සිදු වෙමින් සිදුවෙමින් පවතී.

මෙවැනි හිරිහැර කිරීම්වලට බොහෝ විට හේතු වන්නේ අන්ධ විශ්වාස සහ ඇදහිලි බව විශේෂඥයෝ පවසති. නමුත් වැන්දඹු කාන්තාවන් ඇතුළු සමහර පුද්ගලයන්ගේ දේපල සහ ඉඩම් අයිති කර ගැනීමේ අරමුණින් බොරු චෝදනා එල්ල කර මෙසේ වධ බන්ධනයන්ට ලක් කරන අවස්ථා ද ඇත.

පසුගිය බ්‍රහස්පතින්දා දින මෙම කාන්තාවන් දෙදෙනා නිවසට වී සිටින විට ඔවුන්ගේ ඥාතීන් පිරිසක් කලහකාරී ලෙස නිවසේ දොරට පැහැර දී ඇත. “මායාකර්මවල නියැලුණු බව කියා ඔවුන් අපිට චෝදනා කළා” යැයි මව රාවි ප්‍රකාශ් බීබීසී වෙත පැවසුවාය.

පසුගිය සතියේ සිදුවූ ඥාතියෙකුගේ මරණයෙන් පසු මෙම කාන්තාවන් දෙදෙනා සුදුසුකම් නොලත් වෛද්‍යවරයෙකු හමු වීමට ගොස් ඇත. එහිදී එම ඥාතියාගේ මරණයට කාන්තාවන් දෙදෙනා වග කිව යුතු බවට වෛද්‍යවරයා චෝදනා කර ඇත.

“ඊට පස්සේ දවසේ අපි දෙන්නට දඬුවම් දුන්නා” දියණිය පැවසුවාය.

ඥාතීන් විසින් මෙම කාන්තාවන් දෙදෙනාව ආදාහන භූමියකට රැගෙන ගොස් ඔවුන්ගේ සිරුරට මිනිස් මලමුත්‍රා විසිකිරීමෙන් අනතුරුව ඒ සියල්ල බලහත්කාරයෙන් පොවා ඇත්තේ ඔවුන්ගේ දැඩි විරෝධය මධ්‍යයේය.

කාන්තාවන් දෙදෙනාගේම හිස මුඩු කර, ඇදුම් සියල්ල ඉරා දමා ගම්මානය මැද්දෙන් ඇවිද යාමට සළස්වා ඇත්තේ විශාල පිරිසක් අවට බලා සිටින අතරතුරය.

මොවුන්ට උපකාර කිරීමට හෝ මෙම ක්‍රියාව නැවැත්වීමට කිසිවෙක් ඉදිරිපත් වී නැති අතර, “අපි හොදටම බය වෙලා හිටියේ” යැයි මව පැවසුවාය.

“ඉදිරියේදී මෙවැනි දේ සිදු වීම වැළක්වීමට” ගම්වාසීන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති අතර, සිද්ධියට මුහුණ දුන් කාන්තාවන් දෙදෙනාට ආරක්ෂාව සපයා ඇති බව පොලිසිය ප්‍රකාශ කළේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.