මාව අත්අඩංගුවට ගන්න එපා – රාජිත

Rajitha Senaratne

ලැබූ ජනවරම භාවිතා නොකරන්නැයි හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියි. ඔහු මෙසේ කියා සිටියේ ඔහු අත්අඩංගුවට ගැනීමට යන බවට රාවයක් පැතිර යෑමත් සමඟයි. ඔහු විසින් ප්‍රවෘත්ති සාකච්ඡාවට කැඳවූ සුදු වෑන් රියදුරා හා රත්තරන් ප්‍රවාහකයා මේ වන විට ඔහුව පාවා දී හමාරය.

අනෙක් අතට ඖෂධ සංස්ථාවේ අක්‍රමිකතා පිළිබඳ පාවිච්චි පවතී. රහස් පොලිසිය විසින් තමන්ව අත්අඩංගුවට පෙර ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනුකර තිබේ. සිය නීතිඥවරුන් මාර්ගයෙන් ගොනුකර තිබෙන එම අපේක්ෂිත ඇප අයදුම්පතේ වගඋත්තරකරුවන් ලෙස රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන් නම් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.