මැකෝ ගේ වාරණයට ජය – විවාදය 07

Mahinda deshapriyaවිවාද කිරීම සඳහා පෙබරවාරි 6 දා පෙ.ව. 10.30 ට පාර්ලිමේන්තුව කැඳවීමට තීරණය කර ඇත. මෙම විවාදය සඳහා පාර්ලිමේන්තුව පෙබරවාරි 8 දා කැඳවීමට ගෙන තිබූ තීරණයට ඊයේ පැවැති පක්‍ෂ නායක රැස්‌වීමේදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන් විරෝධය දැක්‌වූ නිසා 6 වැනිදා පාර්ලිමේන්තුව කැඳවන ලෙසට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කථානායකවරයාගෙන් ඉල්ලා ඇත. අගමැතිවරයා කථානායකවරයාගෙන් මෙම ඉල්ලීම කළේ පක්‍ෂ නායක රැස්‌වීමෙන් පසුව බව නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා පවසයි.

පක්‍ෂ නායක රැස්‌වීමේදී පක්‍ෂ නායකයන් මතුකළ කරුණු කථානායකවරයා දුරකථනයෙන් අගමැතිවරයාට දැනුම්දී ඇත. ඒ අනුව පක්‍ෂ නායකයන්ගේ සහ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ ඉල්ලීම් සලකා බලා පාර්ලිමේන්තුව 6 වැනිදා පෙරවරු 10.30 ට කැඳවන ලෙස අගමැතිවරයා කථානායකවරයාට දැනුම් දුන් බවද තිලංග සුමතිපාල මහතා කීවේය.

බැඳුම්කර ගනුදෙනුව සහ බරපතළ වංචා හා දූෂණ විමර්ශන කොමිසමේ වාර්තා විවාදය සඳහා ඡන්දයට පෙර 8 දා පාර්ලිමේන්තුව කැඳවීම පිළිබඳ මැතිවරණ කොමිසමේ සභාපති හා විපක්‍ෂයේ පක්‍ෂ නායකයින් පක්‍ෂ නායක රැස්‌වීමේදී විරුද්ධවීම නිසා අවසන් තීන්දුව අගමැතිවරයා සමග සාකච්ඡා කර දැනුම් දීමට කථානායකවරයා පළමුව තීරණය කර ඇත.

පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්‍ෂ මෙමගින් වාසියක්‌ ලබද්දී පාර්ලිමේන්තුවේ නැති එහෙත් මැතිවරණයට තරග කරන දේශපාලන පක්‍ෂවලට අවාසියක්‌ සිදුවන බවද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළ බව විජිත හේරත් මහතා කීවේය.

පාර්ලිමේන්තු විවාදය සම්බ්න්ධයෙන් මැකෝ මැදිහත්වීම නරක පුර්වාදර්ශයක් විය හැකි බව විචාරකයින් පෙන්වා දෙති.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.