මැකෝ සභාපති පාන්දර මළ ගෙවල් වලට යන රහස

Mahinda deshapriya මේ දිනවල මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය යළිත් කරලියේය. බැනුම් ඇසීමටත් එහිදී ඉවසීමටත් පුරුද්ද තිබිය යුතුයි. මම පළාත් පාලන ඡන්දය තියන්නේ නැහැ කියලා කොච්චර බැනුම් අහනවද? මම ගමේ මළ ගෙදරක යන්නේත් උදේ පාන්දර පහට හයට විතර. නැත්නම් ගමේ හඳුනන යාළු මිත්‍රයෝ අහනවා උඹලා ඡන්දෙ තියන් නැද්ද කියලා. උදේම මළගෙදර ගියාම නිවසේ අය හැරෙන්න වෙන කවුරුවත් මුණ ගැසෙන්නේ නැහැ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඉහත ප්‍රකාශය කරන ලද්දේ බලන්ගොඩ හිටපු ප්‍රාදේශීය ලේකම් චම්පික නිරෝෂ් ධර්මපාල මහතාට උපහාර පිදීම වෙනුවෙන් පැවැති උත්සවයේදීය.

ඡන්දය ප්‍රමාද වීම අපේ වරදක්‌ නිසා සිදුවන්නක්‌ නොවෙයි. 2013 පනතේ අඩුපාඩු තිබෙනවා. ඒවා සංශෝධනයකර පාර්ලිමේන්තුවේ සම්මත වූවොත් ලබන ඔක්‌තෝබර් මාසේ මැතිවරණය තියන්න පුළුවනි. යැයි කොමසරිස් වරයා පැවසීය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.