මැතිවරණ නීති කැඩූ ලොක්කන් දඬුකඳට

relised

ජනාධිපතිවරණ සමයේ මැතිවරණ නීති උල්ලංඝණය කරමින් කටයුතු කළ රාජ්‍ය ආයතන 6කට එරෙහිව නීතිමය පියවර ගැනීමට මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුවී ඇත.

ඒ සඳහා අදාළ ආයතනවල නිලධාරීන් සම්බන්ධයෙන් මූලික විමර්ෂණ දැනටමත් ආරම්භ කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරියෙක් සඳහන් කළේය.

අධ්‍යාපන අමාත්‍යාංශය, නිවාස අමාත්‍යාංශය, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව යන ආයතන එසේ මැතිවරණ නීති උල්ලංඝණය කර ඇති බවට චෝදනා එල්ල වූ ආයතන 6 අතර වන බවද ඔහු සඳහන් කළේය.

මැතිවරණ නීති උල්ලංඝණය කළ ආයතන 6ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව තීරණයක් ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව හෙට (25) දිනයේ රැස්වීමටද නියමිතය.

මාධ්‍ය ආයතන කිහිපයක් සම්බන්ධයෙන්ද නීතිමය පියවර ගැනීමට ඉඩ ඇතැයි ආරංචි වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.