
ඇමරිකාව හා ඉරානය අතරේ හටගෙන තිබෙන අර්බුදකාරී තත්ත්වය දැනට ශ්‍රී ලාංකිකයින්ට දැඩි බලපෑමක් කරන්නේ නැති බව වාර්තා වේ. ඊට බලපාන ප්‍රධාන හේතු වන්නේ ගැටළුවට මැදි වී තිබෙන ඉරානය සහ ඉරාකය සේවය කරන්නේ ඉතා අඩු ශ්‍රී ලාංකිකයින් පිරිසක් වීමයි.
ආරක්ෂක පියවරක් වශයෙන් ර්සියානු ගල්ෆ් කලාපය තුළ මේ වන විට පවතින නොසන්සුන් තත්ත්වය හේතුවෙන් කොළඹ – ලන්ඩන් – කොළඹ ගුවන් මාර්ගයේ වෙනසක් සිදු කරන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි. සාමාන්‍යයෙන් පැය 11 පමණ වන මෙම ගුවන් ගමනට දැන් පැය හතරක් හෝ ඊට වැඩි කාලයක් ගත විය හැකිය.
www.lankanewsline.com වෙත Qatar, Doha නගරයේ සිට කතා කළ අතුල රත්න දේව කියා සිටියේ දැනට වෙනසක් නැති නමුත් සියලු දෙනාම පාහේ දැඩි උනන්දුවෙන් ප්රවෘත්ති බලන්නට පටන් ගෙන ඇති බවය.
සෞදි අරාබියේ සිට අප වෙත කතා කළ කාර්මික ඉංජිනේරු රන්ජන් ආදිත්‍ය පැවසුවේ ප්රවෘත්ති වාර්තා හැරෙන්නට රට තුළ මේ පිළිබඳ වැඩි කතාබහක් නැති බවය.
බීබීසී මාධ්‍යවේදී ජේරමී බෝවෙන් පැවසුවේය ඉරානය ප්‍රතිප්‍රහාරයක් එල්ල කරා එය ඉතාමත් ප්‍රවේශමෙන් හානි අවම කරමින් එල්ල කළ එකක් බවය. මේ හේතුවෙන් ඇමරිකාවට යළිත් සාකච්ඡා මේසයට යොමු වීමට අවස්ථාවක් ලැබී තිබේ. මේ හේතුවෙන් මැද කලාපය තුළ සාපේක්ෂ සාමයක් ඇති වී එහි සේවය කරන ශ්‍රමිකයින්ට තවදුරටත් තමන්ගේ වැඩ කටයුතු කරගෙන යෑමේ අවස්ථාව ඉතිරි විය හැකිය. මැදපෙරදිග මාධ්‍ය රැසක්ම ඉරාන ඇමරිකානු අර්බුදය විස්තරාත්මකව වාර්තා කිරීමෙන් වැළකී සිටින ආකාරයක් ද දැකිය හැකිය.