මැරතන් එකකට සූදානම් – විමල් වීරවංශ

අමාත්‍යවරයා පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන් බැහැදැකීමට ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානය වෙත පැමිණියේය.

ප්‍රශ්නය:- පසුගිය රජය සමයේ දිගින් දිගටම මූල්‍ය වංචා සිදුවුණා. ඒවගේම වංචා දූෂණ සිදුවුණා, පරිසර විනාශ කිරීම් බරපතළ ආකාරයෙන් සිදුවුණා. නමුත් දැන් මේ වනවිට ඒ සම්බන්ධයෙන් කවුරුත් කතාකරන්නෙ නැහැ.

අමාත්‍ය විමල් වීරවංශ:- මේක වැඩ කරන ආණ්ඩුවක්. ජනපති වැඩභාරගෙන ටික කාලයයි. ඒ කාලයේදී කරපු වැඩ රටම දන්නවා තාම එකපාරයි කැබිනට් මණ්ඩලය රැස්වුණේ. මැරතන් එකක් දුවන්න බලන් ඉන්නෙ

ප්‍රශ්නය:- උතුරු නැගෙනහිරටත් කර්මාන්ත ගෙනයාමේ වැඩපිළිවෙළක් අරඹනවාද ?

අමාත්‍ය විමල් වීරවංශ:- වාලච්චේන කඩදාසි කම්හල ආරම්භ කරනවා. උතුරු නැගෙනහිර අකර්මණ්‍ය රජයේ කර්මාන්ත. මහමැතිවරණයට පෙර ආරම්භ කරනවා“

දළදා සමිඳුන් වැඳපුදා ගත් විමල් වීරවංශ අමාත්‍යවරයා පිටකෝට්ටේ ජාතික නිදහස් පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී අපූරු යෝජනාවක් කළේය. එම යෝජනාව ද මැරතන් එකට සම්බන්ධය.

අපි ජනාධිපතිතුමාට ජනතාවගේ බලාපොරොත්තු වූ ලිපියකින් දීලා දන්වමු විමල් එසේ පැවසූ විට සියල්ලෝම ඊට එකඟ වූහ.

මේ දිනවල දේශපාලන මණ්ඩලය බරටම වැඩය.

වංචා දූෂණ පිටුදැකීම අනවශ්‍ය දේශපාලන ඇඟිලි ගැසීම් නැවැත්වීම අන්තවාදයට එරෙහි වීම බුද්ධි අංශ ශක්තිමත් කිරීම ආදී තේමා ඔස්සේ මේ ලිපිය සකස් වෙමින් පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.