
ව්‍යවස්ථාව කඩකරමින් කටයුතු කළ පාකිස්ථානයේ හිටපු ජනාධිපති ජනරාල් ෆර්වේස් මුෂාරෆ්ට පනවා තිබෙන මරණ දඬුවමට පෙර යම් හෙයකින් ඔහු මියගිය හොත්, ඔහුගේ සිරූර රැගෙනවිත් දින තුනක් පාර්ලිමේන්තුව ඉදිරියේ එල්ලා තබන්නැයි එරට විශේෂ මහාධිකරණය විසින් අද නියෝගයක් නිකුත් කර තිබෙනවා.
2007 වර්ෂයේදී හමුදා කුමන්ත්රණයකින් පාලන බලය අල්ලා ගනු ලැබූ ජනරාල් ෆර්වේස් මුෂාරෆ් පකිස්ථාන ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පසුගියදා එරට මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කරනු ලැබුවා.
මේ වන විට හිටපු ජනාධිපතිවරයා අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ඩුබායි රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.