මැ කො ඉල්ලා අස්වෙයි ද?

mahinda deshapriya

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වන බව දන්වා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවා ඇත.පළාත් සභා මැතිවරණය පැවැත්වීම ප‍්‍රමාද වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ද ඔහු යවන ලද ලිපියේ සඳහන් වෙතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

මැතිවරණ කොමිසමේ නිල කාලය අවුරුදු පහක් වන අතර 2020 නොවැම්බරය දක්වා දේශප‍්‍රිය මහතාට සිය තනතුරෙහි රැඳී සිටිය හැක.

සාමාන්‍ය සම්ප‍්‍රදාය වන්නේ ජනාධිපතිවරයා වෙත මෙවැනි ලිපියක් ලද පසු එය ව්‍යවස්ථාදායක සභාවට යොමු කිරීම වන අතර ව්‍යවස්ථාදායක සභාව තීරණයක් ගෙන එය නැවත ජනාධිපතිවරයා වෙත දැනුම් දීමය.

ඇතැම් විටෙක මැතිවරණ කොමසාරිස්වරයා මෙම ප්‍රශ්නය මතු කොට ඊට ලැබෙන ප්‍රතිචාර අනුව තමන්ගේ

ඉල්ලා අස්වීම වෙනස්කර ගැනීමට ඉඩ තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.