
එළඹෙන පෙබරවාරි හතර වෙනිදා පැවැත්වෙන ජාතික නිදහස් දින උත්සවයේ දී ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනා කිරීමට රජය තීරණය කර තිබේ. ස්වදේශ කටයුතු, රාජ්ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ජනක තෙන්නකෝන් මහතා මේ බව සඳහන් කළේය.
නිදහස් දිනයේදී දෙමලෙන් ද ජාතික ගීය ගායනා කිරීම ආරම්භ වුණේ 68 වෙනි නිදහස් දිනයේදීය. තීරණය සම්බන්ධයෙන් මිශ්ර ප්රතිචාර පළවෙමින් පවතී.