මුක්කුකාරයින්ට එරෙහිව හරීන් සටන අරඹයි

harin-fernando“හොරකම් වහගන්න ආණ්ඩුවට ආපු එවුන් අපට හොරා කියනවා. කියපල්ලකො බලන්න අපේ හොර කියනවා. ආණ්ඩුව අතඅරින්නෙම නෑ. මුක්කු ගහපු එවුන් එලවලාම දානවා. නිමල් සිරිපාල, චාමර සම්පත්ලා මහින්දට කඩේ ගිහින් මෛතී‍්‍ර දිනුවහම දිනවපු අපට ගහනවා.

බැඳුම්කරය කියලා අපට මඩ ගහන අය බැඳුම්කරය ගැන දන්නේ නැහැ. ඒවාගේ කොමිසමක සාක්ෂි දෙන්න ගිය එකම අගමැති තමයි රනිල්. බැදුම්කරෙන් එජාපය වට්ටන්න බැහැ. ආණ්ඩුවේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනලවා එජාපය නැති කිරීමට උත්සාහ කරනවා. මෛතී‍්‍රපාල සිරිසේන මහතා ජනාධිපති කරවීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අය කැප වුනේ නැහැ. ඡන්දයක්වත් දුන්නේ නැහැ.” යයි විදුලි සන්දේශන හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.