මුතුරාජවෙල ගිනි තැබුවේ කවුරුන්ද?

muthurajawela

මුතුරාජවෙල වගුරු බිම ආශ්‍රිතව පසුඟියදා හටගත් ගින්න කිසියම් පිරිසකගේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවත් වහාම සොයා බැලියයුතු බව පෙරටුගාමී සාමාජවාදී පක්ෂය පවසයි

පෙරටුගාමී සාමාජවාදී පක්ෂය නියෝජනය කරමින් එම මාධ්‍යහමුවට එක්වු ළහිරු වීරසේකර මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

මේ අතර ගිනි ගැනීමට ලක්වු එම පරිසර පද්ධතිය නිරීක්ෂණය කිරීම සඳහා පසුගියදා (22) පෙරවරුවේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය එම ප්‍රදේශයේ සංචාරයක නිරත විය.

ජාතික පක්ෂයේ මන්ත්‍රී ආශු මාරසිංහ පැවසූයේ කඩොලාන විනාශ කිරීමට උත්සාහ දරන උදවිය මේ ගින්න ඇති කිරීමට හවුල් වූවා ද යන්න සොයා බැලීම සඳහා වහාම විමර්ශනයක් පැවැත්විය යුතු බවයි. කඩොලාන රක්ෂිතය පිහිටා ඇත්තේ ගින්න හටගත් ප්‍රදේශයට ආසන්නයෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.