
වෝහාරික විගණන වාර්තා හරහා අනාවරණය වී ඇති කරුණු දේශපාලනික හා ආර්ථික වශයෙන් අතිශයින් බරපතල වීම හේතුවෙන් එම වාර්තා ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය මේවනවිට නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීමට තීරණය කර තිබේ. එම වාර්තාවලින් අනාවරණයවී ඇති බරපතල අපරාධයන්ට සම්බන්ධ පිරිත් විවිධ පක්ෂවලට සම්බන්ධ බවයි කතාබහ පැතිර යන්නේ.
භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධ කරගෙන සේවක අර්ථසාධක අරමුදල (EPF) මගින් සිදු කරන ලද ප්‍රාථමික හා ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනුවලදී, ලංකාවේ ප්රමුඛ පෙලේ සමාගම් 19ක් සමග සිදුකර ඇති ගනුදෙනු හරහා රුපියල් බිලියන ගණනක පාඩුවක් රජයට සිදුව ඇතැයි ද මහ බැංකුව විසින් සිදුකළ වෝහාරික විගණන වාර්තා මගින් අනාවරණය වී ඇතැයි වාර්තාවේ
දැන් බැඳුම්කර බෝලේ තියෙන්නේ මහින්ද රාජපක්ෂ ළඟ බවත් එය පළ කිරීමට කිසිදු නීතිමය බාධාවක් නැති බවත් කෝප් කමිටුවේ සභාපතිවරයා මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති කියා කියා සිටි.
නීතිමය බාධාවක් නැහැ
“‘පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කළේ. එහෙම සැසිය අවසන් කළහම කෝප් ඇතුළු බොහෝ කාරක සභා ඉබේම අවසන් වෙනවා. ඒ හේතුව නිසා මම සභාපතිත්වය දරපු කෝප් කමිටුවත් අවසන් වෙනවා. අපේ කෝප් කමිටුවට බැහැ දැන් මේ වෝහාරික විගණන වාර්තාව සාකච්ඡාවට ගන්න”
. මේ තත්ත්වය යටතේ කුමක් කළ හැකි දැයි විමසූ විට මීලඟ පියවර මුදල් ඇමතිවරයාට ගත හැකි බවයි හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා පැවසුවේ.
“කෝප් කමිටුවට වඩා වැඩි බලයක් තියෙනවා මුදල් අමාත්‍යවරයාට මේ වාර්තාව පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ගන්න. ඔහු යටතේ තමයි, මහ බැංකුව තියෙන්නේ. මුදල් ඇමතිතුමාට පුළුවන් තමන් යටතේ තිබෙන මහ බැංකුවේ අධිපතිවරයාගෙන් මේ වාර්තාව නීත්‍යනුකූලව ගෙන්වා ගන්න. මම දන්න තරමින් ඒකට කිසිම නීතිමය බාධාවක් නැහැ.”