මුස්ලිම් කඩ වර්ජනය කළහොත් එයින් සිංහල ජනතාවට ද පාඩු සිදු හැකිව විපක්ෂ නායකවරයාගේ පුතා වන රෝහිත රාජපක්ෂ පවසයි. ක්‍රීඩා කරද්දී සිංහල හෝ මුස්ලිම් භේදයක් නොබලා තමන් ප්‍රති වාදියා මඩින්නනා සේ ජාති ආගම් බේද නොබලා තමන් කටයුතු කරන බවයි රෝහිත රාජපක්ෂ කියා සිටී.
පාට කණ්ණාඩි ගලවා සියලු ජාතීන්ට එකසේ සලකතොත් රටට ඉදිරි ගමනක් ඇති බව ඔහු තර්ක කරයි. චි චි යන නමින් ප්‍රකට රෝහිත රාජපක්ෂ කියා සිටින්නේ ජනාධිපතිවරණයට මම පැත්තෙන් හොඳම අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ වන බවයි. චමල් රාජපක්ෂ ජනාධිපතිවරයා වීමට සුදුසු වුවත් වඩාත් සුදුසු ගෝඨාභය රාජපක්ෂ බවයි ඔහු පවසන්නේ. නිහතමානී චරිතයක් වන චමල් රාජපක්ෂට වඩා සෘජුව තීරණ ගන්නා ගෝඨාභය රාජපක්ෂය මේ අවස්ථාවේ වඩාත් සුදුසු බව ඔහු පෙන්වා දෙයි.
ආණ්ඩුවට කෙලවියන්
එදා ටොෆි කොළයක් හෝ බිමට දැමීමට බියවූ නමුත් අද අලුහම් ආච්චි ගම්වල ආච්චිලා මේ ආණ්ඩුවට කෙලවියන් කියා කුණු පාරට දමන බව රෝහිත රාජපක්ෂ පවසයි. තම පවුල දේශපාලනික වශයෙන් විනාශ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බොහෝ දේ කළ බවයි ඔහු පවසන්නේ.
තමන්ව ක්‍රීඩාවෙන් පවා ඉවත් කිරීමට ඔවුන් කටයුතු කළ බවයි ඔහු කියා සිටින්නේ. රෝහිත රාජපක්ෂ රාජපක්ෂ චන්ද්‍රිකාව කොහිදැයි අසන පිරිත් කරුණු නොදැන තමන් විවේචනය කරන බවයි ඔහු පවසන්නේ. මහින්ද රාජපක්ෂ සියයට විස්සක් හොරකම් කරානම් දැන් සියයට අසූවක් පමණ හොරකං කරන බවක් පෙනී යන්නේ යැයි රෝහිත රාජපක්ෂ පවසයි.
කිසිලෙසකින් හෝ ස්වාධීන අපේක්ෂකයෙකුට හැකියාවක් නැති බව ඔහු කියා සිටී. කෙසේ වෙතත් රාජපක්ෂ ලෝලීන්ගෙන් පමණක් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ නොහැකි බව රෝහිතගේ විශ්වාසයයි.