
මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත ඉවත් කිරීමට පනත් සංශෝධන කෙටුම්පතක් අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇත. මේ යටතේ විවාහවීම සඳහා අවම වයස වන්නේ අවුරුදු 18 කි. අනෙක් අතට මුස්ලිම් විවාහ සිදු කරන කාති වරුන්ගේ බලතල සීමා වේ. කාති වරුන් විසින් ඉතා දූෂිත ක්රියා රැසක් සිදුකොට ඇති බව මුස්ලිම් සමාජය තුළින් විවේචන මතුවී ඇත. දුරකථනය ඔස්සේ දික්කසාද කෙරුණු අවස්ථා වාර්තා වී ඇත.