මූල්‍ය විනය රැක ගන්නයි මංගල ආණ්ඩුවට කියයි

ශ්‍රී ලංකාවද වසර 2021 වන විට ආර්ජන්ටීනාව මුහුණදුන් ආකාරයේ ආර්ථික බිඳවැටීමකට ලක් නොවීමට නම් තමා විසින් හඳුන්වා දුන් හා ක්‍රියාත්මක කරගෙන යනු ලැබූ මූල්‍ය විනය (fiscal discipline) දිගටම පවත්වාගෙන යන්නැයි හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර අලුත් ආණ්ඩුවේ බලධාරීන්ට පවසයි.

ඔහු විසින් ට්විටර් පණිවිඩයක් නිකුත්කරමින් එම ඉල්ලීම කර තිබේ. එහි මෙසේ සඳහන් වේ.

”භික්ෂූන් වහන්සේලා විසින් විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ආධාර ඉල්ලා සිටීම අප රට මුහුණ දී තිබෙන බංකොලොත්භාවයෙන් ගලවා ගැනීමට සමත් වන්නේ නැත. ශ්‍රී ලංකාවද වසර 2021 වන විට ආර්ජන්ටීනාව මුහුණදුන් ආර්ථික බිඳවැටීමකට ලක් නොවීමට නම් මා විසින් හඳුන්වා දී ඇති හා ක්‍රියාත්මක කරගෙන යනු ලැබූ මූල්‍ය විනය (fiscal discipline) දිගටම පවත්වාගෙන යායුතුය.”

මේ අතරවාරයේ මංගල සමරවීර මුදල් ඇමතිවරයා ලෙස කටයුතු කළ අවස්ථාවේදී ප්‍රධාන පෙළේ නිලතල දැරූ බොහෝදෙනකුට ටිකට් කැපී ඇති බව leader වෙබ් අඩවිය පවසයි.

වහාම මුදල් අමාත්‍යංශයෙන් ඉවත්වන ලෙස දැනුම් දී ඇති අනෙකුත් රජයේ නිලධාරීන්ගේ නම් පහත පළවේ.

# සරත් නෝනිස් – අධ්‍යක්ෂ ජනරාල්, අයවැය දෙපාර්තමේන්තුව

# සී. ජයසුරිය – අධ්‍යක්ෂ ජනරාල්, වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව

# තිලකා ජයසුන්දර – අධ්‍යක්ෂ ජනරාල්, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව

# නූර් රිස්නා – අධ්‍යක්ෂ ජනරාල්, රාජ්‍ය මුල්‍ය සංවර්ධන දෙපාර්තමේන්තුව

# තමරා පෙරේරා – අධ්‍යක්ෂ ජනරාල්, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව

# සංජය මුදලිගේ – අධ්‍යක්ෂ ජනරාල්, ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව

# අලි හසන් – අධ්‍යක්ෂ, මුදල් අමාත්‍යංශයේ සන්නිවේදන අංශය

යහපාලන ආණ්ඩුව මරමස්ථාන වල සිටින නිලධාරීන්ගේ දේශපාලන පක්ෂපාති කම් ගැන වැඩි අවධානයක් යොමු නොකිරීම කකුලෙන් අදින රාජ්‍ය තන්ත්‍රයක් ගොඩනැඟීමට සමත් වූ බවත් රාජපක්ෂවරුන් ඒ වරද කිරීමට තරම් මෝඩයින් නොවන බවත් මේ ගැන අදහස් දක්වන විචාරකයින් පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.