
මේජර් ජෙනරල් නිර්මාල් ධර්මරත්න යනු කටින් බතල කොළ හෙට වන කෙනෙක් නොවේ. සෙබළාට දෙන නියෝගය ඔහුටද ක්‍රියාත්මක කිරීමට පුළුවන. ඒ බව ඔහු යළිත් වතාවක් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී ඔප්පු කොට ඇත. මේජර් ජෙනරල් නිර්මාල් ධර්මරත්න මහතා ඉතිහාසයට එක් වන්නේ පැරෂුට් වාර 200 සම්පූර්ණ කළ දකුණු ආසියාවේ එකම හමුදා උසස් නිලධාරියා ලෙස ය. ඔහු හමුවේ තිබුණේ දැවැන්ත අභියෝගයකි.
අඩි 14.500 ක් උඩු ගුවනේ සිට ඉතා සාර්ථකව සිය 200 වැනි පැරෂුට් පිම්ම මේජර් ජෙනරල් නිර්මාල් ධර්මරත්න මහතා සමත් වුණේ මව්බිමට ද ගෞරවය ලබා දෙමින්. ඔහු ක්‍රියාන්විත සමයේ යුද හමුදා විශේෂ බලකා අණදෙන නිලධාරියා ලෙස ද කටයුතු කළේය . ඉතා තීරණාත්මක අවස්ථා කිහිපයකදී ගුවනේ සිට බිමට පැන්නේ නිර්මාණය
යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික් ප්‍රධානී මේජර් ජෙනරල් නිර්මාල් ධර්මරත්න මහතා අපි අඩි 14,500ක් උඩට ගිහිල්ලා මේ පිම්ම කළා, මට මේ අය දුන්නේ වර්ග අඩි 17 වේ ප්‍රමාණය සෆාය කියන ,මම ඇත්තෙන්ම කියනවා නම් වර්ග අඩි 170 වේ ,පැරෂුට් එකකින් පැන්න පළමු අවස්ථාව, ඉතින් ඒක මට කන්ට්‍රොල් කරන්න පුළුවන් වුණා.